මිය ගිය නෙතන්යාහු ඒ පාර ජෙරුසලමේ ඇවිදින්න ගිහින්

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු මිය ගිය බවට පළ වන වාර්තා මධ්‍යයේ ඔහු තමන් ජීවතුන් අතර බව තහවුරු කිරීම සඳහා දෙවැනි වීඩියෝවක් ද සමාජ මාධ්‍යවලට එක් කර තිබෙනවා.

මිය ගිය බවට වාර්තා පළ වීමෙන් පසු පළමුව සතුටෙන් කැෆේ එකක කෝපි කෝප්පයක් පානය කරමින් සිටින අවස්ථාවක වීඩියෝවක් පළ කරමින් ඔහු තමන් මිය නොගිය බව ප්‍රකාශ කිරීමට උත්සාහ ගෙන තිබූ අතර නව වීඩියෝව තුළ නෙතන්යාහු ජෙරුසලම් නගරයේ ජනතාව සමඟ කතාබස් කරන අයුරු දැකගත හැකියි.

ඔහු එම අවස්ථාවේ ජනතාව සමඟ පරිසර වර්ණනාවක යෙදෙමින් “ඉතා ලස්සනයි. ස්තූතියි. ටිකක් හිරු එළියත් විඳගමු” යනුවෙන් පවසන බවයි වාර්තාවල දැක්වෙන්නේ.

එම අවස්ථාවේ ඔහු අසල සිටි බල්ලෙකු ගැනත් විමසා සිටිනවා. එම බල්ලා Canaan Dog නම් ඊශ්‍රායලයේ ජාතික බල්ලන්ගේ වර්ගයක් යැ‍යි අසල සිටින අයෙකු පවසන ආකාරය ද අසන්නට ලැබෙනවා. ජනතාව සමඟ කතාබස් කරන අතර ඔහු “ආසන්නයේ ආරක්ෂිත ස්ථානයක් තිබේ නම් හොඳයි. ඊශ්‍රායල ආරක්ෂක හමුදාව ජයග්‍රහණය කරයි, අපි අපව ආරක්ෂා කරගන්නවා” ලෙස ද පවසනවා.

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු සම්බන්ධයෙන් සමාජ මාධ්‍යවල පැතිර ගිය වීඩියෝවක් ‘AI’ බව සඳහන් වීම නිසා ඔහු මිය ගොස් ඇති බවටයි වාර්තා පළ වුණේ.

Latest News

error: Content is protected !!