අමෙරිකාව හා ඊශ්‍රායලයේ ප්‍රහාරවලට පළිගැනීමක් ලෙස හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමුවද ඉරානය මෙම සමුද්‍ර සන්ධිය හරහා තවදුරටත් තෙල් අපනයනය කරමින් තම ආර්ථිකය සහ යුධ වියදම් පවත්වාගෙන යන බව විශ්ලේෂණ දත්ත මූලාශ්‍රයක් පෙන්වා දී තිබෙනවා.
ප්‍රහාර ආරම්භ කළ අවස්ථාවේ ඉරානය තමන්ගේම තෙල් අපනයනය නතර වන නිසා හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීමට ඉඩ නොදෙනු ඇතැයි අමෙරිකාව සිතූ බව විශ්ලෙෂකයින් පවසනවා.
වෙළඳ දත්ත සමාගමක් වන Kpler අනුව ගැටුම ආරම්භ වූ පසු හෝමූස් හරහා බැරල් මිලියන 12ක් අපනයනය කර තිබෙනවා.
නාවික විශ්ලේෂණ සමාගමක් වන TankerTrackers පෙන්වා දෙන ආකාරයට එම ප්‍රමාණය බැරල් මිලියන 13.7 ක් දක්වා ප්‍රමාණයකි. එම සංඛ්‍යාලේඛනවලින් පෙනී යන්නේ ඉරානය දිනකට බැරල් මිලියන 1 ක් (bpd) පමණ නැව්ගත කිරීමට සමත් වී ඇති බවයි. ගැටුම ආරම්භ වීමට පෙරද මිලියන 170කට ආසන්න ඉරාන තෙල් බැරල් ලෝකය පුරා මුහුදේ නෞකා තුළ පැවති බව Vortexa සමාගම අනාවරණය කර තිබුණා.
ඉරානයේ තෙල් බොහෝමයක් අපනයනය කරන්නේ ඛාර්ග් දූපතේ’ Kharg Island’ සිටය. එය ඉරානයේ වෙරළට කිලෝමීටර් 30ක් පමණ දුරින් පිහිටා තිබෙනවා. අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් දිගින් දිගටම ප්‍රකාශ කළේ ඉරානය හෝර්මූස් සමුද්‍ර සන්ධිය අවහිර කළහොත් ඛාර්ග් දූපතේ තෙල් පහසුකම්ට ප්‍රහාර එල්ල කරන බවයි.
ලෝකයේ තෙල් සැපයුමේ 20%ක් පමණ සාමාන්‍යයෙන් හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරන අතර කලාපයේ නෞකා 16ක් පමණ ඩ්‍රෝන හෝ වෙනත් ප්‍රහාරවලට ලක්වී ඇති බව ද මේ අතර වාර්තා වෙනවා.
