ඉරානයට පක්ෂපාති සන්නද්ධ කණ්ඩායම් විසින් ඉරාකය හා මැද පෙරදිග කලාපයේ සිටින බටහිර රටවල විදේශිකයන්ට දැඩි තර්ජන එල්ල කරමින් සිටින බව ආරක්ෂක විශේෂඥයින් අනතුරු අඟවා තිබෙනවා.
ඉරානය හා ඇමරිකාව අතර යුද්ධමය තත්ත්වය උත්සන්න වෙමින් පවතින අතර, ඉරානයට සමීප කණ්ඩායම් විදේශීය සේවකයන්, හමුදා සහ රාජතාන්ත්‍රික නිලධාරීන් මෙන්ම ඔවුන්ට සහය දක්වන පුද්ගලයින් ද ඉලක්ක කරගැනීමට සූදානම් වන බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.
ඉරාකය තුළ ක්‍රියාත්මක වන ඉරානයට අනුබද්ධ සන්නද්ධ කණ්ඩායමක්, විදේශිකයෙකු අල්ලා මරා දැමීමට හෝ ඒ සඳහා තොරතුරු ලබාදෙන අයෙකුට ඉරාක ඩිනාර් මිලියන 150ක ත්‍යාගයක් ලබාදෙන බවට අන්තර්ජාලය හරහා ප්‍රකාශ කර තිබෙනවා.
එම නිවේදනයේ සඳහන් කර ඇත්තේ “භූමියේ සිටින ඇමරිකානුවන්ට පීඩනය වැඩි කිරීම” තම අරමුණ බවයි. මෙම තර්ජනය ඇමරිකානුවන්ට පමණක් නොව සියලු බටහිර විදේශිකයන්ටද බලපා හැකි බවට විශේෂඥයින් බිය පළ කර තිබෙනවා.
මේ අතර දකුණු ඉරාකයේ බටහිර තෙල් සමාගමකින් සේවයෙන් ඉවත් කරන ලද සේවකයෙකු, විදේශිකයන් සිටින ස්ථාන සහ තොරතුරු ඉරානයට අනුබද්ධ ඉරාක සන්නද්ධ කණ්ඩායම් වෙත ලබාදුන් බවට ද වාර්තා පළ වෙමින් පවතී.
මෙම තත්ත්වය හේතුවෙන් මැද පෙරදිග පුරා සිටින විදේශිකයන්ගේ ආරක්ෂක අවදානම ඉහළ ගොස් ඇති අතර විශේෂඥයින් අනතුරු අඟවන්නේ ඉරාකයේ පැවති පැරැණි ඝාතනවලින් පිරුණු කාලය නැවත පැමිණිය හැකි බවයි.
2000 දශකයේ තුළ ඉරාකයේ අල්-කයිඩා ‘Al-Qaeda’ නමැති අතිවාදී කණ්ඩායම බිහි වූ අතර එය පසුව ඉස්ලාමීය රාජ්‍යය ‘Islamic State’ ලෙස ප්‍රසිද්ධ වුණා.
නමුත් මෙවර තර්ජනය එල්ල වන්නේ සන්නද්ධ ශියා කණ්ඩායමක් වන Islamic Resistance of Iraq නම් කණ්ඩායමකින් බවයි වාර්තා වන්නේ. ඔවුන් කියා සිටින්නේ අමෙරිකාව හා ඊශ්‍රායලය විසින් ඉරානයට එරෙහිව සිදුකරන යුද්ධ ක්‍රියාමාර්ගවලට ප්‍රතිචාර ලෙස මෙම ක්‍රියාමාර්ග ගන්නා බවයි.
ආරක්ෂක විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ මෙම තත්ත්වය දිගටම උත්සන්න වුවහොත් ඉරාකයේ පමණක් නොව මැද පෙරදිග වෙනත් රටවල් තුළද විදේශිකයන්ට එරෙහි ප්‍රහාර වැඩි විය හැකි බවයි.
