කාබුල් නගරයේ මත්ද්‍රව්‍ය ඇබ්බැහිවූවන්ට ප්‍රතිකාර ලබාදෙන රෝහලක් වෙත පාකිස්තාන හමුදා විසින් එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් අවම වශයෙන් 400කට අධික පිරිසක් මියගොස් තවත් 250කට ආසන්න පිරිසක් තුවාල ලැබූ බව ඇෆ්ගනිස්තානයේ තලෙයිබාන් රජය පවසා තිබෙනවා.
මෙම රෝහල ඇඳන් 2000ක පහසුකම් සහිත විශාල රෝහලක් බවයි වාර්තා වන්නේ.
එරට රජයේ නියෝජ්‍ය ප්‍රකාශක හම්දුල්ලා ෆිට්රැට් (Hamdullah Fitrat) පවසා ඇත්තේ ප්‍රහාරයෙන් රෝහලේ විශාල කොටස් විනාශ වී ගොස් ඇති බවයි.
ගින්න නිවා දැමීම හා තුවාල ලැබූවන් බේරා ගැනීම හා තවත් මළ සිරුරු සොයා ගැනීම සඳහා ගලවා ගැනීමේ කණ්ඩායම් තවමත් එම ස්ථානයේ වෙහෙසෙමින් සිටින බව ද වාර්තා වෙනවා.
රෝහල් බලධාරීන් පවසා ඇත්තේ ප්‍රහාරයට පෙර අහසේ යුද ගුවන් යානා පියාසර කරන ශබ්දය ඇසුණු බවත් එම ප්‍රදේශයේ සිටි හමුදා ඒවාට ප්‍රහාර එල්ල කළ අවස්ථාවේ බෝම්බ හෙලූ බවයි.
මේ අතර ඇෆ්ගනිස්තානයේ රජයේ ප්‍රකාශක සබිහුල්ලා මුජාහිඩ් ‘Zabihullah Mujahid’ මෙම ප්‍රහාරය දැඩි ලෙස හෙළා දකිමින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
පකිස්තානය නැවත වරක් ඇෆ්ගනිස්ථානයේ ගුවන් සීමාව උල්ලංඝනය කර ඇති අතර රෝහලක් ඉලක්ක කිරීම “මනුෂ්‍යත්වයට එරෙහි අපරාධයක්” බවයි ඔහු සඳහන් කර ඇත්තේ.
කෙසේ වෙතත් අගමැති ෂෙබාස් ශරීෆ්ගේ රජය මෙම චෝදනා සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කර තිබෙනවා.
එමෙන්ම කාබුල් හා නන්ගහාර් ප්‍රාන්තයේ හමුදා ස්ථාන සහ ත්‍රස්තවාදී මධ්‍යස්ථාන පමණක් නිවැරදිව ඉලක්ක කළ බව ද පාකිස්තාන රජය පවසනවා. රෝහලක් ඉලක්ක නොකළ බවයි ඔවුන් සඳහන් කර ඇත්තේ.
මේ අතර එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය ඇෆ්ගනිස්තානය තුළ සිට සිදුවන ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් දැඩි ලෙස හෙළා දකිමින්,ටෙහ්රික්-ඊ- තලේබාන් පාකිස්තාන ‘Tehrik-i-Taliban Pakistan’ වැනි කණ්ඩායම්ට එරෙහිව වැඩි පියවර ගන්නා ලෙසත් ඉල්ලා තිබෙනවා.
පසුගිය මාසයේ පටන් දෙරට අතර ගැටුම් වැඩි වී ඇති අතර, දෙපාර්ශවයම එකිනෙකා අතර දේශ සීමා ප්‍රදේශවල ගුවන් ප්‍රහාර සහ බෝම්බ ප්‍රහාර එල්ල කරගනිමින් සිටින බව වාර්තා වෙනවා.
