QR කේත පද්ධතිය යටතේ මේ දක්වා වාහන 5,103,991ක් ලියාපදිංචි කර ඇති බව ඩිජිටල් ආර්ථිකය පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න අනාවරණය කර තිබෙනවා.
මීට පෙර QR පද්ධතිය යටතේ ලියාපදිංචි කර නොතිබූ නව වාහන 439,997ක් අද (17) උදෑසන 9.00 වන විට ලියාපදිංචි කර ඇති බව අද පාර්ලිමේන්තුවේදී ඔහු සඳහන් කළා.
නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ මේ වන විට පුද්ගලයින් 5,094,566 දෙනෙකු විසින් QR පද්ධතිය භාවිත කරන බවත්, පද්ධතියට ප්‍රවේශ වන අයගේ වැඩිවීමක් දක්නට ලැබෙන බවත්ය.
එමෙන්ම QR පද්ධතියේ දෝෂවලින් සියයට 95ක් මේ වන විට විසඳා ඇති බව ද ඔහු වැඩිදුරත් කියා සිටියා.
