ඉරානයේ ආරක්ෂක ප්‍රධානි අලි ලැරිජානි ඝාතනය වූ බව ඊශ්‍රායලය පවසයි

ඉරානයේ ප්‍රබලම දේශපාලන නායකයකු හා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි අලි ලැරිජානි ඝාතනය වූ බව ඊශ්‍රායල ආරක්ෂක හමුදාව (Ali Larijani) නිවේදනය කර තිබෙනවා.

අලි ලැරිජානි මෙන්ම Basij සන්නද්ධ කණ්ඩායමේ නායක ගෝලම්රේසා සොලයිමානි (Gholamreza Soleimani) ද ඝාතනය වූ බව ඊශ්‍රායල ආරක්ෂක ඇමති ඊශ්‍රායල් කට්ස් (Israel Katz) පවසනවා.

කෙසේ වෙතත් ඉරානය මෙතෙක් එය නිල වශයෙන් තහවුරු කර නැහැ.

ඉරාන රාජ්‍ය මාධ්‍ය විසින් අලි ලැරිජානි විසින් ලියා ඇතැයි කියන අතින් ලියූ සටහනක් ප්‍රසිද්ධ කර ඇත්තේ ද මේ සමඟයි. එය ඔහු ජීවතුන් අතර සිටින බවට පෙන්වීමේ උත්සහායක් විට හැකි යැ‍යි විශ්ලේෂකයින් පවසා තිබෙනවා. එම සටහනෙන් ඔහු, ඇමරිකානු ප්‍රහාරයකින් ජාත්‍යන්තර ජල ප්‍රදේශවලදී මියගිය ඉරාන නාවිකයින් සිහිපත් කර ඇති බවයි පැවසෙන්නේ.

මෙම ඝාතනය තහවුරු වුවහොත්, පසුගිය පෙබරවාරි 28 දින ආරම්භ වූ යුද්ධයේදී, හිටපු උත්තරීතර නායක අලි කමේනි ඇතුළු ඉහළ පෙළේ නායකයන් ඝාතනයෙන් පසු සිදු වූ ඉහළම මට්ටමේ ඝාතන වනු ඇත්තේ මෙයයි.

ලැරිජානි පසුගිය සිකුරාදා තෙහෙරානයේ පැවති Al-Quds Day පාගමනට සහභාගී වී සිටියා. එම අවස්ථාවේ ඔහු සමඟ ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් (Masoud Pezeshkian) ද සිටි බව දැකගත හැකි වුණා. ඔහු ඉරානයේ දේශපාලන ක්ෂේත්‍රයේ දීර්ඝ කාලයක් සේවය කර ඇති අතර, මීට පෙර පාර්ලිමේන්තුවේ සභාපති ලෙසත්, බටහිර රටවල් සමඟ න්‍යෂ්ටික සාකච්ඡාවල නායකයෙකු ලෙසත් කටයුතු කර තිබෙනවා.

හිටපු උත්තරීතර නායක අලි කමේනි ඔහු ජීවතුන් අතර සිටියදී ඇමරිකා ප්‍රහාරයකින් ඝාතනය වුවහොත් රටේ පාලනයට නම් කළ පුද්ගලයා වූයේ ද අලි ලැරිජානිය.

Latest News

error: Content is protected !!