කවර අමාත්‍යවරයෙකුට හෝ විෂය පථය යටතේ නඩුවක් තිබේ නම් අමාත්‍ය මණ්ඩලයෙන් ඉවත් කරනවා… ජනපති

වත්මන් අමාත්‍ය මණ්ඩලයේ කවර හෝ අමාත්‍යවරයෙකුට ඔවුන්ගේ විෂය පථයට අදාළව නඩුවක් පැවරේ නම් තරාතිරම නොබලා එම තනතුරුවලින් ඉවත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසා තිබෙනවා.

රටේ බලශක්ති අර්බුදය කළමනාකරණය කිරීම සඳහා රජය ගනු ලබන ක්‍රියාමාර්ග පිළිබඳ දැනුම් දීමේ විශේෂ මාධ්‍ය හමුව අතරතුර ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.

වත්මන් බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි වෙත පවරා ඇති නඩුව 2014 දී ඔහු රාජ්‍ය සේවයේ සිටියදී මතුවූ ප්‍රසම්පාදන ගැටලුවකට සම්බන්ධ එකක් බවයි ජනාධිපතිවරයා පවසා තිබෙන්නේ.

එහිදී වැඩි දුරටත් අදහස් දැක් වූ ජනාධිපතිවරයා,

“ජයකොඩි පිළිබඳව ප්‍රශ්නය 2014දි ඔහු රාජ්‍ය නිලධාරියෙක් විදිහට ඉන්නකොට ප්‍රසම්පාදනයේ ගැටලුවක්. හැබැයි ඔහු අමාත්‍යවරයා හැටියට නම් අධි චෝදනා ලබලා අධිකරණයට ගොනු වෙලා තිබෙනවානම් මම ඔහුව හෙට අමාත්‍යධුරයෙන් ඉවත් කරනවා.” යැයි කියා සිටියා.

Latest News

error: Content is protected !!