ගෑස් තියෙනවා… ඉලක්ක කළ ඉන්ධන සැපයුමේ හැකියාවක් නැහැ.. ජනපති

දිගුකාලීන ටෙන්ඩර් දෙකක් ඔස්සේ ඇණවුම් කළ මෙට්‍රික් ටොන් 90,000 නැව් දෙකක් නියමිත කාලයට ලබා ගැනීමට නොහැකි වී ඇති අතර අවශ්‍ය ඉන්ධන සැපයීමේ අඩුවක් පවතින බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අනාවරණය කර තිබෙනවා.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ රටේ උද්ගත වී පවතින ඉන්ධන අර්බුදය පිළිබඳ දැනුම්වත් කිරීමේ විශේෂ මාධ්‍ය හමුව අතරතුරදීය.

එක නැවක ප්‍රමාදය ජාලයටම බලපෑම් කළ හැකි බවත් එබැවින් ඉලක්ක කර ඇති ඉන්ධන සැපයුමට සැපයීමේ හැකියාවක් නොමැති බවයි ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේ.

කෙසේ වෙතත් අර්බුදය විසඳා ගැනීම සඳහා අවශ්‍ය රාජ්‍ය තාන්ත්‍රික මැදිහත් වීම් කිහිපයක් රජය දැනටමත් සිදුකර ඇති බවත් ඩීසල්, බොරතෙල්, ලිහිසිතෙල්, පෙට්‍රල්, සඳහා ඉතාම විශ්වාසවන්ත සැපයුම්කරුවන්ගෙන් ටෙන්ඩර් කැඳවාගෙන ඇති බවත් ඔහු සඳහන් කළා.

එමෙන්ම ආහාර සැපයුම් ජාලය ළඟ එන උත්සව සමය සලකා බලා ආහාර තොග රැස් කිරීමේ හැකියාව සලකා බලමින් සිටින බවයි ජනාධිපතිවරයා කියා සිටියේ. සෑම අමාත්‍යාංශයකටම 25%කින් තෙල් ප්‍රමාණය අඩු කර ගත හැකි බවට උපදෙස් දී ඇති අතර රාජ්‍ය සේවයේ අඛණ්ඩතාවය රැක ගනිමින් දවස් දෙකක් වැඩ කිරීමටත් ඉන් පසු නිවාඩු දිනයක් හා නැවත දවස් දෙකක් වැඩ කිරීමේ උපාය මාර්ගයට සාර්ථකව සිදු කළ බවත් ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කර සිටියා.

එහිදී ජනාධිපතිවරයා වැඩි දුරටත් සඳහන් කර තිබුණේ මෙසේය.

මම විවෘතව කිව්වොත් දැනට පස්සට ගිහිල්ලා තියෙන්නේ අප්‍රේල් 6-7 එන්න තිබුණ බොරතෙල් නැව්. දැන් ගබඩා කරලා තිබෙන බොරතෙල් ප්‍රමාණය අප්‍රේල් 15 දක්වා ප්‍රමාණවත්. අපිට නැව් එන්න ඕනේ. ඒ නැව යම් කාලයක් ගන්නවා එන්න. අපිට තියෙන්නේ සීමිත ගබඩා ප්‍රමාණයක්. ගබඩාවෙන් පිරිපහදු කෙරෙන්න ඕනේ. මේ පද්ධති කළමනාකරණයක් තියෙන්න ඕනේ. අද අපිට නැව් 10ක් ගෙනල්ලා තියාගන්න තැනක් නෑ. මේ තියෙන යාන්ත්‍රණයට අනුව CPC එකෙන් කොච්චරද IOC නැව කවදාද, RM පාර්ක් නැව කවදාද, සිනොපැක් නැව කවදාද කියලා අපි ප්ලේස් කරලා තියෙන්නේ. එතකොට අපි බලන්න ඕනේ කොතනද අවලංගු වෙන්න ඕනේ. ඉතිං අපි කලින් ටෙන්ඩර් දැම්මාට වැඩක් නෑ.

ගනුදෙනුව කරන්න පුළුවන් ඕනෑම මුදල් ඒකකයකින් අපිට. හැබැයි අපිට අවශ්‍ය කරලා තියෙන්නේ මොකක්ද රුසියාව සහ අපි අතර එකඟතාවයකට එනවානම් අපි ගන්න බැඳෙනවා. ගන්න බැඳෙනවානම් අපි බැඳිම ඉටු කරන්න ඕනේ. ඉටු කරන්න පුළුවන් පරිසරයක් අපි හදාගන්න ඕනේ. අපි මේ හැම දෙයක් පිළිබඳවම තීන්දු ගන්න කලින් සියල්ල සලකා බලමින් තමයි තීන්දු ගනිමින් ඉන්නේ.

තව ද මාර්තු මාසයේ අවශ්‍ය ගෑස් ටොන් 33000 ක් බවත් රජය 38,000ක් ඇණවුම් කළ බවත් එම තොගයම ලැබී ඇති බවත් තවත් ගෑස් නැවක් ඉදිරියේදී පැමිණීමට නියමිත බව ද එබැවින් ගෑස් හිඟයක් මතු නොවන බවද ජනාධිපතිවරයා වැඩි දුරටත් සඳහන් කර තිබෙනවා.

Latest News

error: Content is protected !!