ඉරානයට එරෙහි ඇමරිකා-ඊශ්‍රායල යුද්ධය සම්බන්ධයෙන් එකඟ විය නොහැකි බව පවසමින් එක්සත් ජනපදයේ ජාතික ත්‍රස්ත විරෝධී මධ්‍යස්ථානයේ ප්‍රධානී ජෝ කෙන්ට් (Joe Kent) සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.
යුද්ධයක් සඳහා ඉරානය එක්සත් ජනපදයට “ආසන්න තර්ජනයක්” එල්ල නොකළ බවත් ඊශ්‍රායලයේ පීඩනය ට්‍රම්ප් යුද්ධය ආරම්භ කිරීමට පෙළඹවූ බවත් කෙන්ට් සිය ඉල්ලා අස්වීමේ ලිපියේ සඳහන් කර ඇති බවයි වාර්තා වන්නේ.
එබැවින් ට්‍රම්ප් පරිපාලනය ඉරානයට එරෙහිව ගෙන යන යුද්ධයට “හොඳ හෘද සාක්ෂියක් ඇතුව” සහාය දිය නොහැකි බව කෙන්ට් ඔහුහේ ඉල්ලා අස්වීමේ ලිපියේ පවසා තිබෙනවා.
මේ අනුව ඉරානයේ යුද්ධය හේතුවෙන් ඉල්ලා අස්වූ පළමු ප්‍රධාන ට්‍රම්ප් පරිපාලනයේ නිලධාරියා වන්නේ කෙන්ට්ය.
මෙය යුද්ධය සම්බන්ධයෙන් ට්‍රම්ප් පරිපාලනයේ අභ්‍යන්තර මත ගැටුම් පවතින බව පෙන්නුම් කළ පළමු අවස්ථාවද වෙනවා.
කෙසේ වෙතත් මෙම තීරණය කෙරෙහි ප්‍රතිචාර දැක්වූ ට්‍රම්ප් පවසා ඇත්තේ “ඔහු ආරක්ෂාව ගැන දුර්වලයි, ඉවත් වීම හොඳයි” යනුවෙනි.
