ඔහු සඳහන් කළේ, ඉන්ධන අර්බුද සමයේ හඳුන්වාදුන් “National Fuel Pass” QR පද්ධතිය, ICTA, ඩයලොග් සහ මිලේනියම් IT ආයතන කණ්ඩායම් විසින් සති දෙකක් තුළ නිර්මාණය කර මාසයක් ඇතුළත සාර්ථකව ක්‍රියාත්මක කළ බවත්, එම ක්‍රියාවලිය සඳහා රජයේ මුදල් වැය වී නොමැති බවත් ය.
කාංචන විජේසේකර තම X ගිණුමේ සටහනක් තබමින් මෙම කරුණු ප්‍රකාශ කර ඇත.
වර්තමානයේ පවතින ඉන්ධන අර්බුදය හමුවේ, ඉන්ධන බෙදාහැරීමේ QR පද්ධතිය නැවත හඳුන්වා දීමෙන් පසු, එවක බලශක්ති අමාත්‍යවරයාට ලැබුණු ප්‍රශංසාවට අමතරව, මෙම විසඳුම නිර්මාණය කිරීම හා යෙදවීමේ කාර්යය රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ වෘත්තිකයන්ටම ගෞරවය හිමි විය යුතු බව ඔහු අවධාරණය කර ඇත.
