ඉරානයේ දේශපාලන හා ආරක්ෂක අංශවල ඉහළම නායකයෙකු වූ අලි ලැරිජානි (Ali Larijani) මාර්තු 17 දින සිදු වූ ඉස්රායල ප්‍රහාරයකින් මියගොස් ඇති බව ඉරානයේ උත්තරීතර ජාතික ආරක්ෂක කවුන්සිලය නිල වශයෙන් තහවුරු කර තිබෙනවා.
ලැරිජානි ඔහුගේ පුත්‍රයා හා ආරක්ෂකයින්ද සමඟ මිය ගොස් ඇති බවයි ඔවුන් නිවේදනය කර ඇත්තේ. ඔහුගේ මරණය ඉස්ලාමීය ජනරජය සඳහා “ජීවිත කාලය පුරාම අරගලයකින්” පසු කරන ලද ප්‍රාණ පරිත්‍යාගයක් ලෙස යි ඔවුන් නිර්වචනය කර ඇත්තේ.
මේ අතර ඉරානයේ විප්ලවවාදී ආරක්ෂක බලකාය විසින් බසීජ් බලකායේ ප්‍රධානී ගොලම්රේසා සොලෙයිමානි ඝාතනය වූ බව ද තහවුරු කර තිබෙනවා.
අලි ලැරිජානි දිගු කාලයක් ඉරාන පාර්ලිමේන්තුවේ කථානායක ලෙස සේවය කර ඇති අතර ජ්‍යාත්‍යන්තර න්‍යෂ්ටික සාකච්ඡාවලදී ද නායකත්වය ගෙන කටයුතු කර තිබෙනවා.
හිටපු උත්තරීතර නායකයා අලි කමේනි ඝාතනයෙන් පසු ඉරානය නැගී එන නායකයා ලෙස ඉස්මතු වූයේ ද ඔහුය.
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු මෙම ප්‍රහාර ඉරාන ආණ්ඩුව දුර්වල කිරීම සඳහා වන විශාල මෙහෙයුමක කොටසක්” ලෙසයි හඳුන්වා ඇත්තේ.
