මාර්තු 21 ARIRANG ප්‍රසංගයට පෙර BTSලාගේ පළමු පෝස්ටර පෙළ නිකුත් වේ

Netflix විසින් “BTS THE COMEBACK LIVE: ARIRANG” ගෝලීය සජීවී ප්‍රසංගයට පෙර BTS සාමාජිකයින් 7 දෙනාගේම (RM, Jin, Suga, J-Hope, Jimin, V, Jungkook) තනි පෝස්ටර් (solo posters) කිහිපයක් මේ වන විට නිකුත් කර තිබෙනවා.

මෙම පෝස්ටර් සඳහා කණ්ඩායමේ සියලුම සාමාජිකයින් Western Full Suit විලාසිතාවෙන් සැරසී සිටිනා ආකාරය දැකගත හැකියි.
මෙම විශේෂ සංගීත ප්‍රදර්ශනය Gwanghwamun Square හිදී මාර්තු 21 වන දින රාත්‍රී 8ට සජීවිව ලෝකය පුරා විකාශය වීමට නියමිතය.

මෙය BTS කණ්ඩායම සාමාජිකයන් සියලුදෙනා එක්ව වසර 4කට ආසන්න කාලයකට පසු කරන පළමු සජීවී ප්‍රසංගයයි.

ප්‍රසංගයට පෙර, මාර්තු 20 දින BTS හි 5වන ඇල්බමය වන Arirang ඇල්බමය ද නිකුත් වීමට නියමිතය.

Latest News

error: Content is protected !!