ඉරාන ආරක්ෂක ප්‍රධානී අලි ලැරිජානි ඊශ්‍රායලය විසින් ඝාතනය කිරීමට පළිගැනීමක් ලෙස ඉරානය ඊශ්‍රායලයේ ටෙල් අවිව් නගරය ඉලක්ක කර පොකුරු බෝම්බ (Cluster bombs) මිසයිල ප්‍රහාර එල්ල කළ බව ඉරාන රාජ්‍ය රූපවාහිනිය වාර්තා කර තිබෙනවා.
මෙම ප්‍රහාරයෙන් පුද්ගලයින් 2 දෙනෙකු මරණයට පත්වී ඇති අතර යුද්ධය ආරම්භයෙන් පසු ඊශ්‍රායලයේ මරණ සංඛ්‍යාව 14 දක්වා ඉහළ ගොස් බවයි වාර්තා වන්නේ.
මෙම ප්‍රහාරය සඳහා Khorramshahr-4 සහ Qadr වැනි ඉරානය සතු බලවත්ම බැලස්ටික් මිසයිල භාවිත කර ඇති බවයි වාර්තා වන්නේ.
ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක හමුදාව (IRGC) ප්‍රකාශ කළේ මෙම ප්‍රහාරය, අලි ලැරිජානි ඝාතනයට පළිගැනීමක් වන බවයි.
