ජපානයේ ලාබාලතම ආණ්ඩුකාරවරයා ටකාටෝ ඉෂිඩා (Takato Ishida)ය .
ඔහුගේ ඇදහිය නොහැකි තරම් කඩවසම් පෙනුම නිසා සමාජ මාධ්‍යවල වැඩියෙන්ම කතාබහට ලක් වන චරිතය බවට ඔහු පත් වී සිටින බව වාර්තා වෙනවා.
36 හැවිරිදි ඔහු මේ වසරේ ජනවාරි මාසයේදී ෆුකුයි ප්‍රාන්තයේ ආණ්ඩුකාරවරයා ලෙස තේරී පත් වූ අතර, රටේ ලාබාලතම වත්මන් ප්‍රාන්ත ආණ්ඩුකාරවරයා බවටද පත් වුණා.
මැතිවරණයෙන් පසු ඉෂිඩා පෙබරවාරි 1 වන දින ඉන්ස්ටග්‍රෑම් වීඩියෝවක් පළ කළ විට එයට ලැබුණු ප්‍රතිචාර මුළුමනින්ම පාහේ ඔහුගේ රූපයට වහ වැටී දැමූ ඒවාය.
එයට ලයික් හා කමෙන්ට්ස් 150,000කට අධික ප්‍රමාණයක් ලැබී ඇති බවයි වාර්තා වුණේ.
ඔහු ජපන් භාෂාවෙන් පණිවිඩය ලබා දුන් නමුත් වචනයක්වත් තේරුම් නොගත් අය පවා ඔහුට ප්‍රතිචාර දක්වා ඇති බව සඳහන්ය.
