සල්ලි උතුරන්න තියෙනවා නම් බම්බු ගහන්නද තියාගෙන ඉන්නේ.. විමල් වීරවංශ

වත්මන් ආණ්ඩුවේ අමෙරිකාවට ගැති විදෙස් ප්‍රතිපත්තිය තුළ ශ්‍රී ලංකාවේ මිත්‍රශිලී රටවල් වන චීනය, ඉන්දියාව, රුසියාව වැනි රටවල් ගණනාවක් අසතුටට පත් වී ඇති බවත් මේ වන විට උද්ගත වී ඇති තෙල් අර්බුදය කළමනාකරණය කර ගැනීමට නොහැකි තත්ත්වයට රජය පත් වී ඇතැයි ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ පවසනවා.

ඔහු මේ බව පවසා ඇත්තේ මේ වන විට උද්ගත වී ඇති තත්ත්වය පිළිබඳ මාධ්‍ය විමසූ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු ලබා දෙමිනි.

එමෙන්ම මෙම අසීරු අවස්ථාවේ ආණ්ඩුව සතු යැයි පවසන මුදල් සංචිතවල රඳවා ගෙන නොසිට ජනතාව මත පටවා ඇති බර අඩු කිරීම සඳහා භාවිත කළ යුතු බව ද ඔහු පවසා තිබෙනවා.

එහිදී ඔහු වැඩිදුරටත් අදහස් දක්වනු ලැබුවේ මෙසේය.

“විශේෂයෙන් යුද විශ්ලේෂකයෝ ජ්‍යාත්‍යන්තර මට්ටමින් මේ පිළිබඳ පුරෝකථනය කළා. රටක රාජ්‍ය පාලනයේ වැදගත්කම තමයි ලෝකයේ ඇතිවන තත්ත්වයන් සියුම් වෙනස්කම් පවා හොඳින් නිරීක්ෂණය කරමින් ඒවාට මුහුණ දීම සඳහා අවශ්‍ය පියවර ගැනීම. එම තත්ත්වයන් දෙකේදීම අපි සමත් වෙලා නැහැ.

අපිට තිබෙන තොරතුරු අනුව ඊයේ එකෙන් සම්පූර්ණයෙන් තෙල් මිලදී අරගෙන තියෙන්නේ රු 450ක් වගේ අධික පිරිවැයකට. ආණ්ඩුව කියනවනේ ආණ්ඩුවට උතුරන්න සල්ලි තියෙනවා කියලා. උතුරන්න තියෙනවා නම් බම්බු ගහන්නද තියාගෙන ඉන්නේ? මිනිස්සුන්ට මහා බරක් පීඩනයක් පැටවිලා තියෙන වෙලාවේ කුමන හෝ ආකාරයකින් එම බර අඩු කිරීම සඳහා මුදල් යොද්වන්න ඕනේ. නැතුව පෙට්ටගමේ හංගගෙන මළ පෙරේත මිනිස්සු වගේ බල බල ඉඳලා හරියන්නේ නැහැ. අවශ්‍යතව තියෙන වෙලාවට, සල්ලි තියෙනවා නම් දෙන්න ඕන.

ජනාධිපතිම කියනවනේ තෙල් නැව් දෙකක් ආවේ නැහැ කියලා. ඒක කියන්නද ජනාධිපති කෙනෙක් ඕන. දෙයියනේ අලුතෙන් QR එකක් ගේන්න එපැයි. අපි කිව්වැයි පරණ එකක් ගේන්න කියලා.”

Latest News

error: Content is protected !!