ඇමැතිගේ බලු සුරතලුන් ගෙනයන සුපිරි බසය පෙරළෙයි..

සුරතල් සතුන්ට කැමති(Pet Lover) ප‍්‍රබල ඇමතිවරයෙකුට අයත් බසයක් ඊයේ(26) උදේ 3.00ට පමණ හපුතලේ නගරයේදී ප්‍රපාතයකට පෙරළී අනතුරක් සිදුව තිබේ.

බලු පැටවාට තිබුන අසනීප තත්ත්වයකට ප‍්‍රතිකාර ලබාගෙන කොළඹ සිට නැවත බණ්ඩාරවෙල දක්වා ගමන් කරමින් තිබියදී බස් රථය පෙරළී ගොස් ඇත්තේ රියදුරුට නින්දයෑම නිසාය.

මෙම අනතුර සිදුවන අවස්ථාවේ බසයේ සිට ඇත්තේ අදාල රියදුරා සහ සුරතල් බලු පැටවා පමනක් වන අතර ඔවුන්ට අනතුරක් සිදුව නැතිබව පොලිස් ආරංචි මාර්ග දක්වයි.

මෙම ඇමතිවරයා ලඟ නොයෙකුත් වර්ගයේ බලු සරතලුන් සිටින අතර මෙම සුඛෝපභෝගී බස් රථය වෙන්කර ඇත්තේ සුරතල් බලු පැටවුන් ප්‍රවාහනය සඳහා යැයි රියදුරු පවසා ඇත.

Latest News

More like this

පරාජය වුණේ අයවැය නෙවෙයි.. හෘද සාක්ෂිය.. කොළඹ පුරපතිනිය කියයි..

පරාජය වුණු කොළඹට මාළිමාවෙන් තවත් අයවැයක්? කොළඹ මහ නගර සභාවේ...

ග්‍රාමාරක්ෂක තනතුර සඳහා විභාගයට 8000ක් ගුවන් පථයක බිම ඉන්දවලා…

ඉන්දියාවේ ඔඩීෂා ප්‍රාන්තයේ ග්‍රාමාරක්ෂක තනතුර සඳහා බඳවා ගැනීමේ තරග...

ආපදාවට ලක් වූ ව්‍යාපාරිකයන්ට මිලියන 25 දක්වා ණයක්

2026 වසරේ රජයෙන් ලබා දෙන සහන පොලී ණය ක්‍රමය...