ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ සිදු කළ ප්‍රකාශයක් හා එම ප්‍රකාශය පෞද්ගලික නාලිකාවක් ඔස්සේ ප්‍රචාරය කිරීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස එම දෙපාර්ශවයම නම් කරමින් රුපියල් බිලියනයක වන්දි ඉල්ලා කොළඹ දිස්ත්‍රික් අධිකරණයේ නඩුවක් ගොනුකර ඇතැයි වාර්තා වෙනවා.
අමාත්‍ය ජයතිස්සට එරෙහිව එල්ල කරන ලද චෝදනා මත මාර්තු 3 වැනිදා මෙම නඩුව ගොනුකර ඇති බවයි වාර්තා වන්නේ.
මෙම නඩුවට හේතු වී ඇත්තේ ලියාපදිංචි නොකළ ඖෂධ සමාගමකට අයත් ක්‍රෙඩිට් කාඩ්පතක් භාවිත කරමින් අමාත්‍ය ජයතිස්ස භාණ්ඩ මිලදී ගත් බවට මෑතකදී පැවති මහජන රැලියකදී වීරවංශ කළ ප්‍රකාශයකි.
මෙම චෝදනාව වීරවංශගේ ෆේස්බුක් ගිණුම හරහා ද බෙදා ගන්නා ලද අතර 2026 පෙබරවාරි 7 වැනිදා පෞද්ගලික රූපවාහිනී නාලිකාවේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශනයේ ප්‍රමුඛස්ථානයක් ලබා දී ප්‍රචාරය කර තිබුණා.
එම ප්‍රකාශ සෘජුව සහ වක්‍රව අපහාසාත්මක බවත්, ඔහුගේ කීර්ති නාමයට හානි කර ඇති බවත් අමාත්‍ය ජයතිස්ස තර්ක නඩුව ගොනු කර තිබෙනවා.
අපහාසාත්මක ප්‍රකාශ සඳහා වන්දි ගෙවීමට ඒකාබද්ධව හෝ වෙන වෙනම විත්තිකරුවන්ට නියෝග කරන ලෙසයි ඔහු අධිකරණයෙන් ඉල්ලා ඇත්තේ.
