කාබුල් රෝහල් ප්‍රහාරයෙන් මිය ගිය 408 දෙනෙකු සමූහ මිහිදන් කිරීමට ඇෆ්ගන් රජය සූදානම් වේ

මිය ගිය 408 දෙනාම ප්‍රතිකාර ලබමින් සිටි රෝගීන්…

කාබුල් අගනුවර මත්ද්‍රව්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථානයකට එල්ල වූ විනාශකාරී ගුවන් ප්‍රහාරයෙන් මිය ගිය 408 දෙනෙකු සඳහා සමූහ භූමිදානයක් සිදු කිරීමට තලෙයිබාන් බලධාරීන් කටයුතු කරමින් සිටිනවා.

ඒ කාබුල් නගරයේ මත්ද්‍රව්‍ය පුනරුත්ථාපන මධ්‍යස්ථානයට එල්ල වූ මෙම ප්‍රහාරයේ පළිය ලෙස දැඩි ප්‍රතිප්‍රහාරයක් එල්ල කරන බවට සපථ කරමිනි.

පාකිස්තාන ගුවන් ප්‍රහාරයෙන් ඔමිඩ් අබ්බැහිවූවන්ගේ ප්‍රතිකාර රෝහල “Omid Addiction Treatment Hospital” සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බවයි වාර්තා වන්නේ.

ප්‍රහාරයෙන් මිය ගිය 408 දෙනාම ප්‍රතිකාර ලබමින් සිටි රෝගීන් බව ඇෆ්ගනිස්ථාන බලධාරීන් පවසනවා.

265කට අධික පිරිසක් තුවාල ලබා ඇති අතර බොහෝ දෙනෙක් බරපතල තත්ත්වයේ පසුවන බවයි වාර්තා වන්නේ.

ඇතැම් මළසිරුරු ඔවුන් පදිංචි පළාත්වලට පිටත් කර යවා ඇති අතර කාබුල්හි 408දෙනාම මිහිදන් නොකරන බවද ඔවුන් සඳහන් කර තිබෙනවා.

Latest News

error: Content is protected !!