ඊශ්‍රායලය ටෙහාරනයට එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් ඉරානයේ බුද්ධි අංශ භාර අමාත්‍ය ඉස්මයිල් කතිබ් (Esmail Khatib) ඝාතනය වූ බව ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් (Masoud Pezeshkian) තහවුරු කර තිබෙනවා.
ඔහු ප්‍රහාරය බියගුළු ඝාතනයක් ලෙසයි විස්තර කර ඇත්තේ.
සමාජ මාධ්‍ය වේදිකාවක් වන X හි සටහනක් තබමින්, පෙසෙෂ්කියන් මෙම පාඩුව පිළිබඳව දැඩි ශෝකය පළ කර තිබෙනවා.
ජ්‍යෙෂ්ඨ නායකයින් වන අලි ලරිජානි (Ali Larijani) සහ අසීස් නසීර්සාඩේ ( Aziz Nasirzadeh) මෙන්ම ඔවුන්ගේ පවුල්වල සහ කණ්ඩායම්වල සාමාජිකයින් සමඟ කතිබ්ගේ ඝාතනය මුළු මහත් ජාතියම ශෝකයට ඇද දැමූ බවයි එම සටහනෙහි දැක්වෙන්නේ.
2021 අගෝස්තු මාසයේදී එවකට ජනාධිපති ඊබ්‍රහිම් රයිසි විසින් පත් කරන ලද කතීබ්, මිය යන තුරුම ඉරානයේ බුද්ධි අංශයට නායකත්වය ලබා දී තිබුණා.
