ඕස්ට්‍රේලියාවේ රැකවරණ පැතූ ඉරාන කාන්තා පාපන්දු කණ්ඩායම නැවත සිය රටට පැමිණේ

ඉරාන ජාතික කාන්තා පාපන්දු කණ්ඩායමේ ක්‍රීඩිකාවන් පස්දෙනෙක්, ඕස්ට්‍රේලියාවේ හි දේශපාලන රැකවරණ සඳහා කළ ඉල්ලීම් ඉල්ලා අස්කරගෙන යළි ඉරානය වෙත පැමිණ ඇති බව වාර්තා වේ.

මෙම ක්‍රීඩිකාවන් මැලේසියාව සහ ඕමානය හරහා ගුවන් මගින් ගමන් කර, පසුගිය බදාදා තුර්කි දේශසීමාව හරහා ඉරානයට ඇතුළු වී තිබේ. ඔවුන් කණ්ඩායම් නිල ඇඳුමෙන් සැරසී සිටි බවද දැක්වේ.

ආසියානු කුසලාන ආරම්භක තරඟයේදී ඉරානයේ ජාතික ගීය වාදනය වන අතරතුර නිහඬව සිටීම නිසා ඇති විය හැකි ප්‍රතිවිපාක පිළිබඳ බිය මධ්‍යයේ ඔවුන් මානුෂීය වීසා සඳහා අයදුම් කර තිබුණි. එම වීසා අයදුම්පත් අනුමත කර ඔවුන්ට ඔස්ට්‍රේලියාවේ ජීවත්වීමට, රැකියාව කිරීමට සහ අධ්‍යාපනය ලබා ගැනීමට අවසර ලබා දී තිබුණි.

එහෙත් මානව හිමිකම් ක්‍රියාකාරීන් පවසන්නේ, ඉරානයේ සිටින පවුල් සාමාජිකයන්ට එල්ල වූ තර්ජන හේතුවෙන් ක්‍රීඩිකාවන් තම තීරණය වෙනස් කළ හැකි බවයි. ඉරාන රාජ්‍ය මාධ්‍ය ඔවුන් “ද්‍රෝහීන්” ලෙස හඳුන්වා තිබූ අතර, ඔවුන්ට දඬුවම් කළ යුතු බවට ප්‍රකාශ නිකුත් කර තිබුණි.

කණ්ඩායම් නායිකා සහ්රා ගන්බාරි ඇතුළු ක්‍රීඩිකාවන් පස්දෙනෙක් යළි පැමිණ ඇති අතර, අනෙක් දෙදෙනෙක් තවමත් ඔස්ට්‍රේලියාවේ රැඳී සිටින බව වාර්තා වේ. ඉරාන ක්‍රීඩා අමාත්‍යාංශය මෙම සිද්ධිය “දේශප්‍රේමීත්වයේ ජයග්‍රහණයක්” ලෙස විස්තර කර ඇත.

Latest News

error: Content is protected !!