ඉන්ධන මිල නැවත වරක් ඉහළ යාමට නියමිත බව වාර්තා වේ.

ලෝක වෙළෙඳපොළේ පවතින අස්ථාවරත්වය හේතුවෙන්, මෙම මාසය අවසානයේ හෝ ලබන අප්‍රේල් මස මුලදී ශ්‍රී ලංකාවේ ඉන්ධන මිල නැවත වරක් ඉහළ යා හැකි බව ලංකා ඛනිජ තෙල් සංස්ථා ආරංචි මාර්ග සඳහන් කරයි.

මැදපෙරදිග කලාපයේ පවතින යුදමය තත්ත්වය හේතුවෙන් ඉන්ධන ආනයන පිරිවැය ඉහළ යාම මෙම තත්ත්වයට ප්‍රධාන ලෙස බලපා ඇති බව වාර්තා වේ.

ආරංචි මාර්ගවලට අනුව, මෙවර මිල සංශෝධනය පසුගිය වර සිදු වූ වැඩිවීමට වඩා වැඩි විය හැකි බව අපේක්ෂා කෙරේ. ගෝලීය බොරතෙල් මිල ඉහළ යාමට අමතරව, රක්ෂණ ගාස්තු, නැව් ගාස්තු සහ අනෙකුත් ආනයන සම්බන්ධ පිරිවැය ද සැලකිය යුතු ලෙස වැඩි වී ඇත.

මෙම පිරිවැය සැලකිල්ලට ගනිමින්, ඉන්ධන මිල සියයට 5 සිට 10 දක්වා පරාසයකින් ඉහළ දැමීමට සිදුවිය හැකි බව ද සඳහන් වේ.

Latest News

error: Content is protected !!