ඇමරිකා එක්සත් ජනපදයේ Washington, D.C. නගරයේ පිහිටි ඉතා රහසිගත යුද හමුදා කඳවුරක් වන ෆෝර්ට් ලෙස්ලි ජේ මැක්නෙයාර් (Fort Lesley J. McNair) කඳවුරු ආසන්නයේ හඳුනා නොගත් ඩ්‍රෝන යානා කිහිපයක් පියාසර කරමින් සිටි බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.
ඉරානයට එරෙහි එක්සත් ජනපද යුද්ධය මධ්‍යයේ වොෂින්ටනයේ ඉහළ පෙළේ හමුදා කඳවුරකට ඉහළින් මෙම යානා ගමන් කිරිම ජාතික ආරක්ෂාවට බරපතල තර්ජනයක් ලෙස සැලකෙන්නකි.
වොෂින්ටන් පෝස්ට් වාර්තාවකට අනුව, රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ සහ ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් ජීවත් වන Fort Lesley J. McNair කඳවුරට ඉහළින් මෙම හඳුනා නොගත් ඩ්‍රෝන යානා පියාසර කර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.
Fort Lesley J. McNair කඳවුරෙහි ජාතික ආරක්ෂක විශ්ව විද්‍යාලය සහ පෙන්ටගනයේ ජ්‍යෙෂ්ඨතම හමුදා නිලධාරීන් කිහිප දෙනෙකුම සිටින සඳහන්ය.
ට්‍රම්ප් පරිපාලනයේ තවත් ඉහළ නිලධාරීන් වැඩි ප්‍රමාණයක් ප්‍රදේශයේ කඳවුරුවල සිටින බවයි සඳහන් වන්නේ.
