නෝරා ෆටේහිගේ අයිටම් ඩාන්ස් එකක් ඇතුළත් හින්දි සිනමාවේ අසභ්‍යම ගීතය තහනම්..

නෝරා ෆටේහිගේ අයිටම් ඩාන්ස් එකක් ඇතුළත් චිත්‍රපට ගීතයක් තහනම් කිරීමට ඉන්දීය වාරණ මණ්ඩලය කටයුතු කර තිබෙනවා.

ඉදිරියේදී තිරගත වීමට නියමිතව තිබෙන KD: The Devil චිත්‍රපටයේ නෝරා ෆටේහි සහ සංජේ දත් රංගනයෙන් දායක වන“Sarke Chunar Teri Sarke” ගීතයේ හින්දි අනුවාදය මෙම තහනමට ලක් වුණා.

මෙම ගීතයට එල්ල වුණු දැඩි විවේචන හා මේ පිළිබඳ ඉන්දීය වාරණ මණ්ඩලයට ලැබුණු පැමිණිලිවලින් පසුව ගීතය සම්පූර්ණයෙන් තහනම් කිරීමට වාරණ මණ්ඩලය කටයුතු කර ඇති බවයි වාර්තා වන්නේ.

නමුත් කන්නඩ, දෙමළ, තෙළිඟු, මලයාලම් අනුවාද තවමත් Online වේදිකාවල දක්නට ලැබෙන බව සඳහන්ය.

ගීතයේ පද සහ දර්ශන අතිශයින් අසභ්‍ය බවත් ලිංගික අර්ථ දැක්වෙන බවටත් චෝදනා එල්ල වී තිබෙනවා.

පරිශීලකයින් චෝදනා කර තිබුණේ ගීතයේ පද අසභ්‍ය සීමාව ඉක්මවා ගිය පද බවයි. “ඉන්දියාවේ censor board එකක් තියෙනවද?” යනුවෙන් ඇතැම් අය ප්‍රශ්ණ කර තිබුණා. ගීතයෙන් දරුවන්ට හා තරුණයින්ට සිදු විය හැකි බලපෑම සලක බලන ලෙසට පැමිණිලි ලැබී තිබූ බව වාර්තා වෙනවා.

“ Lift me up, put it inside, don’t let even a single drop come out, empty it inside” වැනි වචන හින්දි ගීතයක ඇසූ නරකම වචන බවත් එතරම් අසභ්‍ය වදන් හින්දි ගීතයක ඇසූ පළමු අවස්ථාව බවයි බොහෝ දෙනෙක් චෝදනා කර තිබුණේ.

Latest News

error: Content is protected !!