ඉරානයේ සවුත් පාර්ස් ‘South Pars’ නිධියට ඊශ්‍රයලය විසින් එල්ල කළ ප්‍රහාරය අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ දැඩි විවේචනයට හේතු වී තිබෙනවා.
Truth Social හි නිවේදනයක් නිකුත් කරමින් අමෙරිකානු ජනාධිපතිවරයා පවසා ඇත්තේ මෙම විශේෂිත ප්‍රහාරය පිළිබඳ අමෙරිකාව කිසිවක් දැන නොසිටි බවයි.
ඊශ්‍රයාලය විසින් විසින් ඉරානයේ South Pars ගෑස් නිධියට ප්‍රහාර එල්ල කිරීමෙන් පසු එයට ප්‍රතිචාර ලෙස ඉරානය විසින් කටාර්හි රාස් ලාෆන් ‘Ras Laffan’ වෙත ද ප්‍රහාරයක් එල්ල කරනු ලැබුවා.
Ras Laffan යනු ලෝකයේ විශාලතම LNG (Liquefied Natural Gas) සැකසුම් මධ්‍යස්ථානයයි.
ඊශ්‍රායලය ඉරානයේ සවුත් පාර්ස් ගෑස් ක්ෂේත්‍රය ලෙස හැඳින්වෙන ප්‍රධාන පහසුකමකට ප්‍රචණ්ඩ ලෙස පහර දී ඇති බවත් සාපේක්ෂව කුඩා කොටසකට පමනක් බවත් ට්‍රම්ප් නිවේදනය කර තිබෙනවා.
මෙම ප්‍රහාරය එක්සත් ජනපදයේ අනුදැනුමකින් තොරව සිදු වූවකි. කටාර් කිසිදු ආකාරයකින් එයට සම්බන්ධ නොවූ බව ද ට්‍රම්ප් අවධාරණය කර තිබෙනවා.
ඉරානය මෝඩයකු ලෙස අහිසංක කටාර් රාජ්‍යය වෙත නැවත පහර දෙනු ලැබුවහොත් සවුත් පාර්ස් ගෑස් සංකීර්නය මුළුමනින්ම විනාශ කර දමන බවටයි ට්‍රම්ප් අනතුරු අඟවා ඇත්තේ.
