අමෙරිකාව ඉරානය අභ්‍යන්තරයේ මෙහෙයුම් පුළුල් කරයි

ඉරාන යුද්ධයේ නවතම තත්ත්වයන් පිළිබඳ විස්තර කරමින්, ඇමෙරිකානු හමුදා මෙහෙයුම් මේ වන විට ඉරානයේ නැගෙනහිර ප්‍රදේශ දක්වා අභ්‍යන්තරයට ව්‍යාප්ත කර ඇති බව එක්සත් ජනපද ඒකාබද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි ඩෑන් කේන් (Dan Caine) පවසනවා.

ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් (Pete Hegseth) සමඟ පැවති මාධ්‍ය හමුවකදී ඔහු පැවසුවේ ඉරානයේ නාවික බලය සහ මුහුදු ජලය මත බෝම්බ (mine) තැබීමේ හැකියාව විනාශ කිරීමට දැඩි මෙහෙයුම් සිදුකරමින් සිටින බවයි.

ඩෑන් කේන් ප්‍රකාශ කළ පරිදි යුද්ධය ආරම්භ වීමෙන් පසු ඉරානයේ ජලය මත ක්‍රියාත්මක හමුදා සම්පත් (afloat assets) 120කට වැඩි ප්‍රමාණයක් සහ බෝම්බ තැබීම් 44ක් මේ වන විට විනාශ කර තිබෙනවා.

එමෙන්ම, A-10 Warthog යුධ ගුවන් යානා හෝර්මූස් සමුද්‍ර සන්ධිය ප්‍රදේශයට යොදවා, ඉරානයේ වේගවත් ප්‍රහාරක නාවික නෞකා ඉලක්ක කරමින් ප්‍රහාර එල්ල කරන බවද ඔහු තහවුරුකර තිබෙනවා.

තවද, ඉරානයට අනුබද්ධ ඉරාකය තුළ සන්නද්ධ කණ්ඩායම් වලටද ඇමෙරිකානු හමුදා ප්‍රහාර එල්ල කරමින් සිටින අතර එවැනි කණ්ඩායම් ඇමෙරිකානු හමුදා සෙබළුන්ට තර්ජනයක් ලෙස සැලකෙන බව ඔහු මෙහිදී කියා සිටියා.

මෙම මෙහෙයුම් තවදුරටත් ඉරානයේ ආරක්ෂක කර්මාන්ත පද්ධතිය (defense-industrial base) ඉලක්ක කරමින් සිදුකරනු ඇති බවයි ඔහු අවධාරණය කර ඇත්තේ.

Latest News

error: Content is protected !!