මුහුදේ පාවෙන ඉරාන තෙල් බැරල් මිලියන 140ක සම්බාධක ඉවත් කිරීමට අමෙරිකාව සලකා බලයි

ඇමරිකානු සම්බාධක (sanctions) යටතේ “මුහුදේ රැඳී තිබෙන” ඉරාන තෙල් බැරල් මිලියන 140ක් පමණ ලෝක වෙළඳපොළට මුදාහැරීමට සලකා බලමින් සිටින බව ඇමරිකානු භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට් (Scott Bessent) පවසනවා.

හෝර්මූස් සමුද්‍ර සන්ධිය වසා දැමීම, මැදපෙරදිග තෙල් ක්ෂේත්‍රයන් ඉලක්ක කර සිදුවන ප්‍රහාර හේත්වෙන් තෙල් බැරලයක මිල මේ වනවිට ඩොලර් 110 ඉක්මවා ගොස් තිබෙනවා. ලෝක වෙළඳපොළට ඉක්මණින් තෙල් සැපයුම වැඩි කර, මිල අඩු කිරීම මඟින් තෙල් මිල පාලනය කිරීම මෙහි අරමුණ බවයි භාණ්ඩගාර ලේකම්වරයා පෙන්වා දී ඇත්‍තේ.

ඉරානය විසින් දැනටමත් ටැංකර් නැව්වලට පටවා තිබෙන නමුත් සම්බාධක නිසා විකුණාගත නොහැකි මුහුදේ නවතා ඇති තෙල් වෙළඳපොළට දැමීමෙන්
දින 10–14ක් පමණ කාලයකින් ලෝක සැපයුම පිරවිය හැකි බව අනුමාන කර තිබෙනවා.

Latest News

error: Content is protected !!