ඇස්ට්‍රොනමර් (Astronomer) සමාගමේ හිටපු ප්‍රධානි ඇන්ඩි බයිරන් (Andy Byron) තමන්ට වංචා කළ බව ඔහුගේ හිටපු මානව සම්පත් කළමනාකාරනිය ක්‍රිස්ටින් කැබට් (Kristin Cabot) චෝදනා කර තිබෙනවා.
2025දී Coldplay සංගීත ප්‍රසංගයකදී “kiss cam” එකට හසු වීම නිසා ඇය සහ බයිරන් ලෝකය පුරා සමාජ මාධ්‍යවල වෛරල් වු චරිත දෙකක් බවට පත් වුණා.
අනපේක්ෂිත ලෙස කැමරාවට හසු වූ අවස්තාවේ ඇයව තුරුළු කරගෙන සිටි බයිරන් ඇයගෙන් ඉවත් වීම නිසා එය අනිවාර්යයෙන්ම අනියම් සබඳතාවක් විය යුතු යැයි බොහෝ අය උපකල්පනය කර තිබුණා.
පසුව අනාවරණය වුණේ ඔහු ඇස්ට්‍රොනමර් සමාගමේ විධායක ප්‍රධානියා වන බවත් ඇය එම සමාගමේ මානව සම්පත් ප්‍රධානියා බවයි. ඔවුන් දෙදෙනාම විවාහකයින් බව ද වාර්තා වුනා.
මෙම සිදුවීම ක්ෂණයන් ප්‍රචාරය වීම නිසා එය ඇන්ඩිගේ සහ ක්‍රිස්ටින්ගේ පෞද්ගලික ජීවිතවලට ද බලපෑම් එල්ල කළ අතර ඔවුන් දෙදෙනාටම රැකියාව පවා අහිමි වුණා.
ඇය බයිරන් තමාට වංචා කල බව පවසා ඇත්තේ ඔප්රා වින්ෆ්‍රේ (Oprah Winfrey) සමඟ පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවකදීය.
ඇය දැන් බයිරන් සමඟ සබඳතා සම්පූර්ණයෙන් නවත්වා ඇති බවත් ඔහු තමාට බොරුවක් කළ බවත් පවසා තිබෙනවා. එහෙත් එම බොරුව කුමක්දැයි ඇය විසින් හෙළි කර නොමැති අතර ඔහු බිරිඳගෙන් වෙන්වී ඇතැයි තමා සිතාගෙන සිටි බවයි ඇය මෙහිදී අනාවරණය කර ඇත්තේ.
