ඇමෙරිකාව සහ ඉරානය අතර ඇති යුද්ධ තත්ත්වය පසුබිම් කරගෙන ඇමෙරිකානු හමුදා කඳවුරු වල ආරක්ෂාව දැඩි කරමින් නව නීති රීති හඳුන්වා දී ඇතැයි වාර්තා වෙනවා.
එම නීති අනුව හමුදා සාමාජිකයන්ට කඳවුරෙන් පිටතදී හමුදා ඇඳුම් (uniform) ඇඳීම තහනම් කර තිබෙනවා. කෑමට යාම, වෙළඳසැල්වලට යාම, පෞද්ගලික කටයුතු ඇතුළු සියලු පිටත ක්‍රියාකාරකම් සඳහා මෙම නව නීති බලපානු ඇති බවයි සඳහන් වන්නේ. මෙම පියවර ගෙන ඇත්තේ, හමුදා නිලධාරින් යම් ප්‍රහාරයක ඉලක්ක වීම අවම කරගැනීම සඳහා බව ද පැවසෙනවා.
මේ වන විට මැද පෙරදිග අමෙරිකානු කඳවුරු ඉලක්ක කර ඩ්‍රෝන හා මිසයිල ප්‍රහාර එල්ල වෙමින් පවතින අතර එය යුද පිටියට සීමා නොවී අමෙරිකානු භූමියට ද බලපානු ඇතැයි දැඩි බියක් මතුවෙමින් පවතී.
FBI ආයතනය කැලිෆෝනියාව ඉලක්ක කර යම් ප්‍රහාරයක් එල්ල වීමේ අවදානමක් පවතින බවට අනතුරු ඇඟවීම් සිදු කළ අතර මෑත කාලීනව අමෙරිකාව තුළ ප්‍රධාන පෙළේ කඳවුරු කිහිපයක සැක සහිත බෝම්බ ඇතුළු යුද ආම්පන්න හමු වීම හා වෙඩි තැබීම් වාර්තා වීමත් සමඟ තාවකාලිකව වසා (Lockdown) දැමුණු බව වාර්තා වෙනවා.
