තෙල් අර්බුදය මැද මස්ක් චීනයෙන් සූර්ය පැනල මිලදී ගැනීමට යයි

ඊලොන් මස්ක්ගේ Tesla සමාගම විසින් ඇමෙරිකාවේ විශාල සූර්ය ශක්ති ව්‍යාපෘතියක් සඳහා චීන සැපයුම්කරුවන්ගෙන් ඩොලර් බිලියන 2.9ක පමණ උපකරණ මිලදී ගැනීමට සැලසුම් කරමින් ඇති බව අනාවරණය වී තිබෙනවා.

2028ට පෙර ඇමෙරිකාවේ 100 ගිගාවොට් (GW) සූර්ය විදුලි නිෂ්පාදන හැකියාවක් ඇති කිරීම මෙම ව්‍යාපෘතියෙන් මස්ක් අරමුණු කර ඇති බවයි වාර්තා වන්නේ.

සූර්ය බලයෙන් ඇමෙරිකාවේ සියලුම විදුලි අවශ්‍යතා සිදු කිරීමට ඔහු මෙමඟින් බලාපොරොත්තුවන බව සඳහන්ය. විශේෂයෙන් පැය 24ම විදුලිය ඔස්සේ ක්‍රියාත්මක වන තාක්ෂණික ක්ෂේත්‍රයට මෙය යොදා ගැනීමට ඔහු කල්පනා කරමින් සිටින බවයි වාර්තා වන්නේ.

Latest News

error: Content is protected !!