ඉරානයේ 19 හැවිරිදි මල්ලවපොර ශූරයකු වන සලේ මොහොමඩි (Saleh Mohammadi) බ්‍රහස්පතින්දා (19) එරට කොම් නගරයේ දී ප්‍රසිද්ධියේ එල්ලා මරා දැමුණා.
ඒ මෙහ්ඩි ගසාමි (Mehdi Ghasemi) සහ සයීඩ් දාවුඩි (Saeed Davoudi) යන තවත් දෙදෙනෙකු සමඟය.
අමෙරිකාව හා ඊශ්‍රායලය ඉරානයට පහර දීමට පෙර රට අභ්‍යන්තරයේ මතු වූ ආණ්ඩු විරෝධී අරගලය අතරතුර පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ඝාතනය කිරීම ඔවුන්ට එරෙහිව එල්ල වූ චෝදනාවන් බවයි සඳහන් වන්නේ.
සලේ මොහොමඩි ඔහුට එරෙහිව එල්ල වූ චෝදනා ප්‍රතික්ෂේප කර ඇති අතර ඔහුගේ පෙර පාපොච්චාරණ වධහිංසා යටතේ බලහත්කාරයෙන් ලබා ගත්තක් බවට වාර්තා පළ වෙමින් පවතී. නමුත් අධිකරණය කිසිදු විමර්ශනයකින් තොරව ඔහුගේ ප්‍රකාශ ප්‍රතික්ෂේප කර ඇති බවයි වාර්තා වන්නේ.
ඔහු සමඟ මරණ දණ්ඩනය ලැබූ අනෙක් දෙදෙනා 19 හැවිරිදි සහ 22 හැවිරිදි වියේ පසුවන නව යොවුන් වියේ තරුණයින් බව සඳහන් වෙනවා.
