ඉරානය විසින් කටාර් රාජ්‍යයේ රාස් ලෆාන් බලාගාරයට එල්ලකළ ප්‍රහාරය හේතුවෙන් කටාර් ආර්ථිකයට දැඩි බලපෑමක් ඇතිවී තිබේ.
කටාර් බලශක්ති අමාත්‍යවරයා සඳහන් කළේ, ඉදිරි 5 වසර තුළ ස්වභාවික වායු අපනයනය 17% කින් අඩුවී, වාර්ෂික ඩොලර් බිලියන 20ක ආදායමක් අහිමි විය හැකි බවයි.
මෙම ප්‍රහාරය ඉරානයේ South Pars ගෑස් නිදියට ඉකුත් බදාදා එල්ලකළ ප්‍රහාරයට ප්‍රතිචාරයක් ලෙස සිදු විය. Ras Laffan විනාශය සම්පූර්ණයෙන්ම නැවත ගොඩනැගිය යුතු අතර, ජපානය, දකුණු කොරියාව, ඉන්දියාව, චීනය, ඉතාලිය සහ බෙල්ජියම වැනි රටවල් කටාර් ගෑස් විශාල ගනුදෙනුකරුවන්ය.
