මැදපෙරදිග කලාපයේ මතුව ඇති යුද ගැටුම් හමුවේ මතු වූ තෙල් අර්බුදය විසඳා ගැනීමේදී අදාළ ක්ෂේත්‍රයට සම්බන්ධ ආයතන දැඩි කැපවීමකින් කටයුතු කරමින් සිටින බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කර තිබෙනවා.
ඒ අනුව තෙල් සංස්ථාව දින දෙකක් නොනිදා වැඩ කළ බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ.
ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ මැදපෙරදිග පවතින අර්බුදය හමුවේ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ඉහළ යාම හා ඒ සඳහා රජය ගත් ක්‍රියාමාර්ග පිළිබඳව අද (20) පාර්ලිමේන්තුව හමුවේ ප්‍රකාශයක් කරමිනි.
ජනාධිපතිවරයා පෙන්වා දෙනුයේ තෙල් සංස්ථාව විසින් මෙරට ඉන්ධන අවශ්‍යතාවෙන් 57%ක් සහ පෞද්ගලික අංශය 43%ක්ද විසින් සපුරන බවය.
පෞද්ගලික අංශය විසින් මෙරට රැගෙන එනු ලබන ඉන්ධන සඳහා මේ මොහෙතේ පවතින මිල ගණන් ඉල්ලා ඇති බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ.
“ඒ අනුව මාර්තු 5 වැනිදා අපි ටෙන්ඩරයක් කෝල් කළා. ඒ ටෙන්ඩරය මේ 17 වැනිදා විවෘත කළා. අපි 5 වැනිදා කෝල් කරපු ටෙන්ඩරය ඩීසල්, පෙට්‍රල්, දැවිතෙල් ජෙට් A1 සහ බොරතෙල් නැව් 2කට. ඩීසල් නැවකට අපි ටෙන්ඩරය ප්‍රධානය කළා අප්‍රේල් 6-7 එනවා, පෙට්‍රල් එකක් අපි ප්‍රධානය කළා අප්‍රේල් 16-17 එනවා, දැවිතෙල් එකක් ප්‍රධානය කළා අප්‍රේල් 12-13 එනවා, ජෙට් A1 එකක් ප්‍රධානය කළා අප්‍රේල් 10-11 එනවා.
එක ඩොලරයකින් තෙල් මිල වැඩිවුණොත් රුපියල් 2කින් අපේ තෙල් මිල වැඩිවෙනවා. ඒක තමයි සූත්‍රය. ඩොලරයට සාපේක්ෂව රුපියල කඩා වැටීම හේතුව නෙමෙයි මේ ඉන්ධන මිල ඉහළ යාම විසින් අපිට බලපෑමක් කරලා තියෙනවා.” යැයි ජනාධිපතිවරයා පවසා තිබෙනවා.
ඒ අනුව ඉන්ධන මිල සම්බන්ධව හැකි ඉක්මනින් තීරණයක් ගත යුතුව ඇති බවත් ජනාධිපතිවරයා සඳහන් කරනු ලැබුවා.
වැටුප් පතට එහා ගිය ජාතික වගකීමක් ලෙස සලකා තෙල් සංස්ථාව කරමින් සිටින ආකාරයටම මෙම අවස්ථාව තේරුම් ගෙන බුද්ධිමත්ව කටයුතු කිරීමේ වගකීමක් සියලුම ජනතාව සතු බව ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නා.
සැපයුම් දාමයේ අඩාල වීමක් ඇති බවත් ඉන්ධන මිල ඉහළ යාමේ තත්ත්වයක් මතු වී ඇතත් එබැවින් එය සමනය කර ගැනීම සඳහා එක්වන ලෙස ජනාධිපතිතුමා ජනතාවගෙන් ඉල්ලා සිටියා.
