ඉරානයේ ජනතාව Nowruz (පර්සියානු නව වසර) සැමරීමට සූදානම් වන අතර ඉරානයේ අගනුවර වන ටෙහෙරානය වෙත ගුවන් ප්‍රහාර මාලාවක් ඊශ්‍රායලය විසින් එල්ල කර තිබෙනවා.
ඒ සමඟම, ඉරානය විසින්ද ප්‍රතිප්‍රහාර ලෙස ජෙරුසලම වෙත මිසයිල ප්‍රහාර රැසක් එල්ල කර ඇති බවයි වාර්තා වන්නේ.
එම මිසයිල බොහොමයක් ගුවන් ආරක්ෂණ පද්ධති මගින් නවතා දැමූ අතර, රාත්‍රිය පුරාම විශාල ශබ්ද ඇසුණු බව වාර්තා වෙනවා.
මේ අතර ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු පවසා ඇත්තේ ඉරානයේ න්‍යෂ්ටික පහසුකම් හා බැලිස්ටික් මිසයිල නිෂ්පාදනය කිරීමට නොහැකි තත්වයකට විනාශයට පත් කරන ලද බවයි.
