ජනාධිපතිවරයාට ජාත්‍යන්තර නීතිය ගැන දැනුම මදි.. සජිත්

ජනාධිපතිවරයා පර්ලිමෙන්තුවේ දීර්ඝ විග්‍රහයක් කරමින් මධ්‍යස්ථ ආකාරයට යුධමය තත්ත්වය තුළ කටයුතු කළ බව පැවසූ නමුත් එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ ආටිකල් 2.4, 2.7 සහ අනෙකුත් ජාත්‍යන්තර ප්‍රඥප්තීන් උල්ලංඝනය හෙළා දකිමින් මේ වන තෙක් ජනාධිපතිවරයා කිසිදු ප්‍රකාශයක් සිදු කර නොමැති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

ජනාධිපතිවරයාගේ ප්‍රකාශය තුළ ශ්‍රී ලංකාවට හිමි අනන්‍ය මුහුදු තීරය තුළ ඕනෑම දෙයක් කිරීමට හැකි බවට ප්‍රකාශ කළ අතර එම ප්‍රකාශය තරයේ ප්‍රතික්ෂේප කරන බවයි ඔහු සඳහන් කළේ.

අනන්‍ය ආර්ථික කලාපයේ ක්‍රියාත්මක කළ හැක්කේ සාමකාමී ක්‍රියාදාම පමණක් බවට විවිධ සම්මුතිවල දැක්වෙන අතර අනන්‍ය ආර්ථික කලාපයේ යුද ගිනි ක්‍රියාත්මක විය නොහැකි බව පැහැදිලිව සඳහන් වන අතර අපේ ආර්ථික කලාපයේ ඕනෑම දෙයක් කළ හැකි බවට සිතන්නේ ජාත්‍යන්තර නීතිය ගැන ජනාධිපතිවරයා දැනුවත් නොමැති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කර සිටියා.

සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද (20) පාර්ලිමේන්තුව හමුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිදු කළ ප්‍රකාශයට දැඩි විවේචනයක් එල්ල කරමිනි.

මේ තුළින් ජාත්‍යන්තර නීතිය සුරක්ෂා කිරීමේ සදාචාර සම්පන්න ක්‍රියාවලිය ක්‍රියාත්මක නොකිරීම ගැන කණගාටුවන බවත් මේ යුද්ධය නිසා ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය වුවත් මධ්‍යස්ථ අප රටට මේ ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරිම ගැන හෙළා දැකීමට බිය නොවිය යුතු බවත් විපක්ෂ නායකවරයා එහිදී අවධාරණය කර සිටියා.

Latest News

error: Content is protected !!