මසකට 6% ක පොලියක් දෙන බව පවසා කෝටි 900ක් වංචා කරලා..

සියයට 6 ක ආකාර්ෂණීය පොලියක් ලබා දෙන බවට පවසමින් කුරුණෑගල පිහිටි ඉයෝන් ලංකා ඉන්වෙස්ට්මන්ට් නම් මූල්‍ය ආයතනයේ මුදල් ආයෝජනය කළ තැන්පත්කරුවන්ගේ රුපියල් කෝටි 900 ට අධික මුදලක් වංචා කර සැඟව සිටින සැකකරවකු අත්අඩංගුවට ගැනීම සදහා මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් විමර්ශනයක් ආරම්භ කර ඇත.

සැකකරු සම්බන්ධයෙන් විදෙස් ගමන් තහනමක් ද ලබාගෙන ඇති බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

මෙම මුල්‍ය ආයතනයේ වෛද්‍යවරුන් හා ආරක්ෂක අංශ නිලධාරීන්, විශ්‍රාමික ආරක්ෂක නිලධාරීන්, රජයේ උසස් නිලධාරීන්, රජයේ හා පෞද්ගලික අංශ සේවයකන් ඇතුලු විශාල පිරිසක් මෙම ආයතනයේ මුදල් ආයෝජනය කර ඇති බව මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන කොට්ඨාසය අනාවරණ කරගෙන ඇත.

සියයට 6 ක ආකර්ෂණීය පොලිසියක් ලබා දෙන බවට පවසා 2020 වසරේ සැකකරු මෙම මුල්‍ය ආයතනය පවත්වාගෙන ගොස් ඇති අතර, ගතවු වසර කිහිපය තුළ 8000 ට ආසන්න තැපන්පත්කරුවන් මෙම මුල්‍ය ආයතනයේ මුදල් ආයෝජනය කර ඇති බවට තොරතුරු හෙළිව ඇති බවද පොලිස් ආරංචි මාර්ග පවසයි.

මුල් කාලයේ සැකකරුවන් තැන්පත්කරුවන්ට සියයට 6 ක පොලියක් ලබා දී ඇති බවත්, පසුව එය සියයට 3 දක්වා අඩුකර, පසුව එම මුදලද ගෙවීම පැහැර හැර ඇති බවද පොලිස් ආරංචි මාර්ග පවසයි.

– ඉන්දිකා රාමනායක

Latest News

More like this

චිත්‍රපට හදන්න ලංකාවට එන්න.. විජිතගෙන් ඉන්දියාවට ආරාධනාවක්

ඉන්දීය ආයෝජකයින්ට සහ චිත්‍රපට නිෂ්පාදකයින්ට සංචාරක ව්‍යාපෘති සහ චිත්‍රපට...

රාජ්‍ය බැංකු දෙකක් ප්‍රතිව්‍යුහගත කරයි

ශ්‍රී ලංකා නිවාස සංවර්ධන මූල්‍ය සංස්ථා බැංකුව (Housing Development...

වාහන සඳහා උපරිම ණය සීමාව සංශෝධනය වේ

මෙරට බලපත්‍රලාභී වාණිජ බැංකු, බලපත්‍රලාභී මූල්‍ය සමාගම්, ලියාපදිංචි මූල්‍ය...