ලෝක යුද්ධයක් ඇති වෙලා තියෙන වෙලාවක අපි තීන්දු ගත්තේ පහුවෙලා..

රට තුළ මේ වන විට දිග හැරෙමින් තිබෙන්නේ මේ වන විට විපක්ෂයේ සිටින කණ්ඩායම් විසින් බංකොලොත් කරන ලද කතාන්දරයේ දිගුවක් බව නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න පවසනවා.

කෙසේ වෙතත් ලෝක අර්බුදයක් ඇති වී ඇති අවස්ථාවක වුවත් වත්මන් රජය එය මැනවින් කළමනාකරණය සිටිමින් බවයි ඔහු කියා සිටියේ.

නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද (20) පාර්ලිමේන්තුව අමතමනි.

එමෙන්ම රට තුළ කිසිදු පොහොර හිඟයක් නැති බැවින් අධික මිලට පොහොර මිලදී නොගන්නැයි ඔහු සියලුම ගොවි ජනතාවගෙන් ඉල්ලා සිටියා.

අමාත්‍යවරයා වැඩිදුරටත් මෙසේ ද සඳහන් කළා.

තාම යන්තම් අවුරුද්දයි. මාස කීපයයි. එයාල ඔලුවෙන් හිට්ටවපු රට අපි කකුල් දෙකෙන් ඉන්දවනවා. හැම පැත්තකින්ම රටක් විදියට අපි ඉස්සරහට ඇවිල්ලත් තියෙනවා. ලෝක යුද්ධයක් ඇති වෙලා තියෙන වෙලාවක අපි තීන්දු තීරණ ගත්තේ පහුවෙලා. සමහර රටවල් සීමා දැම්මට අපි දැම්මේ පහුවෙලා. දැන් තෙල් පෝඅළිම් හැදිලා තියෙනවා.

කලින් තිබුණේ නැව් එනවා. ගන්න සල්ලි නැහැ. ඩොලර් සංචිත බින්දුවේ තිබුණේ. අද වෙනකොට ඩොලර් සංචිතය බිලියන 7ක් දක්වා අපි උඩට දාගෙන තියෙනවා. අද අපට සල්ලි තියෙනවා. අද තෙල් ප්‍රශ්නයක් ඇවිත් තියෙනවා. මේක ලෝක ප්‍රශ්නයක්. එදා තිබුණේ ජාතික ප්‍රශ්නායක්. අද මේ අපි ඉස්සරහින් ඉන්න කණ්ඩායම් තමයි එදා ඒ ජාතික ප්‍රශ්නය නිර්මාණය කළේ.

Latest News

error: Content is protected !!