ඉරාන යුද්ධය ආරම්භ වූ මාර්තු මස මුල සිට මේ දක්වා හෝර්මූස් සමුද්‍ර සන්ධිය ඔස්සේ ගමන් කර ඇති නැව් ප්‍රමාණය 100කට අඩු බව විදෙස් මාධ්‍ය වාර්තාවක් පෙන්වා දී තිබෙනවා.
ඒ අනුව ලෝකයේ වැදගත්ම නාවික මාර්ගයක දෛනික ගමනාගමනය 95%කින් අඩු වී ඇති බවයි එම දත්ත පෙන්වා දෙන්නේ.
BBC Verify විසින් විශ්ලේෂණය කළ දත්ත වාර්තාවට අනුව මේ මාසයේ මෙතෙක් නාවික යාත්‍රා 99ක් පමණක් මෙම මාර්ගය හරහා ගමන් කර තිබෙනවා. දෛනික සාමාන්‍ය නැව් 5ත් 6ත් අතර ප්‍රමාණයකි. එයින් 1/3ක් පමණ ඉරානය සමඟ සම්බන්ධ නැව් බවයි වාර්තා වන්නේ.
යුද්ධයට පෙර මෙම සමුද්‍ර සන්ධිය ඔස්සේ දිනකට යාත්‍රා 138ක් පමණ ගමන් කර තිබෙනවා.
මෙම දැඩි පහත වැටීම සිදු වී ඇත්තේ ඉරානය විසින් විසින් නාවික යාත්‍රා ඉලක්ක කරමින් සිදු කරන ප්‍රහාර සහ ආරක්ෂක අවදානම් හේතුවෙනි.
