උතුරේ යුද්ධයේදී සහයට සිටි ඉරානය වෙනුවෙන් ලංකාව පෙනී සිටිය යුතුයි – විමල් වීරවංශ

ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ පැවසුවේ, උතුරු යුද්ධ සමයේ ශ්‍රී ලංකාවට සහය දුන් ඉරානය වෙනුවෙන් වර්තමාන ගැටුම්වලදී ශ්‍රී ලංකාවද සහය දැක්විය යුතු බවයි.

ඔහුගේ අදහස අනුව, ඇමරිකාව සහ ඊශ්‍රායලය ඉරානයට එරෙහිව ක්‍රියාකරන අතර, චීනය සහ රුසියාව වැනි රටවල් ඉරානයට සහය දක්වන බව ඔහු පෙන්වා දුන්නේය.

තවද, ලෝකය ඒක කේන්ද්‍රීය ක්‍රමයෙන් බහු කේන්ද්‍රීය ක්‍රමයකට මාරුවෙමින්, ඩොලරය වෙනුවට යුවානය සහ රූබලය ශක්තිමත් වෙමින් පවතින බවද ඔහු සඳහන් කළේය.

මෙම අදහස් ඔහු ප්‍රකාශ කළේ ඊයේ (19 වැනිදා) කොළඹ පදනම් ආයතනයේදී “ලේ සහ කඳුළු ඇතුලත කතාව” යන තේමාව යටතේ පැවති සම්මන්ත්‍රණයකදීය.

Latest News

error: Content is protected !!