ඇමරිකානු මාර්ෂල් ආර්ට්ස් කලාවේ දැවැන්ත සන්නාමයක් හා සහ හොලිවුඩ් සිනමාවේ ක්‍රියාදාම නළුවරයෙකු වන චක් නොරිස් ‘Chuck Norris’ වයස 86 අභාවප්‍රාප්ත වී තිබෙනවා.
1990 දශකයේ ජනප්‍රිය ටෙලිනාට්‍ය මාලාවක් වූ Walker, Texas Ranger තුළ සහ 1972 මාර්ෂල් ආර්ට්ස් චිත්‍රපටයක් වූ The Way of the Dragon තුළ බෲස් ලී ‘Bruce Lee’ සමඟ සටන් කළ භූමිකාව හේතුවෙන් ඔහු ලොව පුරා රසිකයන් අතර විශේෂ ආදරයට පාත්‍ර වු කලාකරුවෙක් බවට පත් වුණා.
ඔහුගේ පවුලේ අය Instagram හරහා නිකුත් කළ ප්‍රකාශයක් ඔස්සේ ඔහු මිය ගිය පුවත බෙදාගෙන තිබුණේ මෙසේය.
“ඔහු විශ්වාසය, අරමුණ සහ පවුලට ඇති කැපවීමෙන් ජීවිතය ගත කළා.”
“ඔහුගේ වැඩ, ශිල්ප සහ කරුණාවෙන් ලෝකය පුරා මිලියන ගණනකට ආශ්වාදයක් ලබා දුන්නා. ලෝකයට ඔහු සටන් කලාකරුවෙක්, නළුවෙක් සහ ශක්තියේ සංකේතයකි.”
“අපට, ඔහු කැපවූ සැමියෙක්, ආදරණීය පියෙක් සහ සීයා කෙනෙක්, ඇදහිය නොහැකි සහෝදරයෙක් සහ අපේ පවුලේ හදවත වුණා.” යනුවෙන් එම ප්‍රකාශයේ වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.
1940 දී ඇමරිකාවේ කාර්ලොස් රේ නොරිස් (Carlos Ray Norris) තරුණ වියේදී එක්සත් ජනපදයේ ගුවන් සේවය වෙත එක් වී තිබුණා.
දකුණු කොරියාවේ සේවය කරන අතරතුර ඔහු මාර්ෂල් ආර්ට්ස් පුහුණුව ආරම්භ කර තිබෙනවා. එහිදී Karate, Taekwondo, Tang Soo Do, Jiu-Jitsu සහ Judo වැනි විෂයන්වල කළු පටි ලබාගත්තා.“Chun Kuk Do” නමින් තමන්ගේම ශිල්පයක්ද ආරම්භ කීරිමට තරම් සටන් කලාවට ආදරය කළා.1960 දශකයේ karate ශූරතාවයන් දිනා ගනිමින් සිනමා ලෝකයේ සටන් වීරයා බවට පත් වීමේ පදනම ගොඩනගා ගත්තා.
ඔහුගේ සිනමා ජීවිතයේ හැරවුම් ලක්ෂය වුණේ බෲස් ලී සමඟ “The Way of the Dragon” චිත්‍රපටයේ සිදු කළ රංගනයයි. බෲස් ලී ඒ කාලයේ ලෝක ප්‍රසිද්ධ සුපිරි තරුවකි. ඔහු සමඟ තිරය බෙදා ගැනීම චක් නොරිස් වෙත වෙත විශාල අවධානයක් ලැබුණු අවස්ථාවයි. ඉන් පසු නිෂ්පාදකයින් ඔහු සොයා පැමිණි බවත් ප්‍රධාන චරිත ඔහුට ලැබීමේ ආරම්භ වූ බවත් සඳහන් වෙනවා.
