TikTok හා YouTube නිර්මාණකරුවන් තමන් වෙත ඇද ගැනීමට Facebook වෙතින් මාසිකව ඩොලර් 3,000 දීමනාවක්

Meta සමාගම “Creator Fast Track” වැඩසටහන හඳුන්වා දෙමින් TikTok, YouTube වැනි වේදිකාවල නිර්මාණකරුවන් Facebook වෙත ආකර්ෂණය කිරීමට පියවර ගෙන ඇත.

මෙම වැඩසටහන යටතේ සුදුසුකම් ලබන අයට මාස 3ක් සඳහා මාසිකව ඩොලර් 1,000-3,000 දක්වා දීමනා ලබාදෙන අතර Facebook Reels සඳහා Monetisation මෙවලම්වලට වහාම ප්‍රවේශය හිමිවේ.

Followers 100,000 සිටින අයට අවම $1,000ක්, මිලියනයකට වැඩි අයට $3,000 දක්වා ලැබිය හැක. Meta පවසන්නේ 2025දී නිර්මාණකරුවන්ට බිලියන 3කට ආසන්න මුදලක් ගෙවා ඇති අතර, Facebook වීඩියෝ අන්තර්ගත මධ්‍යස්ථානයක් ලෙස වර්ධනය කිරීම මෙහි අරමුණ බවයි.

Latest News

error: Content is protected !!