ආන්දෝලනාත්මක අසභ්‍ය හින්දි ගීතය පිළිබඳව නෝරා ෆටේහි කට අරී..

නෝරා ෆටේහිගේ Sarke Chunar ගීතය මේ වන විට ඉන්දීය පාර්ලිමේන්තුවට දක්වා ගිය ප්‍රශ්නයකි.

මෙම ගීතයට එල්ල වුණු දැඩි විවේචන හමුවේ ඉන්දීය රජය එය තහනම් කර යූ ටියුබ් වෙතින් ඉවත් කිරීමට පවා කටයුතු කර තිබෙනවා.

හින්දි සිනමා ඉතිහාසයේ අසභ්‍යම ගීතය ලෙස පවා එය විවේචනය වූ අතර එහි සංජේ දත් සමඟ නර්තන නිරූපනය කරන නෝරාට ද දැවැන්ත ප්‍රහාරයක් එල්ල වුණා.

මෙම තත්ත්වය හමුවේ නෝරාද ඇගේ හඬ අවදි කිරීමට මේ වන විට පියවර ගෙන තිබෙනවා.

කතාවේ ඇගේ පැහැදිලි කිරීමේ දී ඇය සඳහන් කර ඇත්තේ ගීතයේ හින්දි අනුවාදය සමඟ තමාට කිසිදු සම්බන්ධයක් නොමැති බවයි.

“මම මේ ගීතය වසර තුනකට පෙර කන්නඩ භාෂාවෙන් රූගත කළා. මට හින්දි අනුවාදය සමඟ කිසිදු සම්බන්ධයක් නැහැ. නිෂ්පාදකයින් මට වෙනස් දෙයක් පරිවර්තනය කර පෙන්නුවා. කිසිවක් නුසුදුසු හා අසභ්‍ය ලෙස පෙනුනේ නැහැ. මොකද මම කන්නඩ භාෂාව දන්නේ නැහැ.”

ඇයගේ අවසරයකින් හෝ දැනුමකින් තොරව හින්දි අනුවාදය නිකුත් කළ බවටයි ඇය නිෂ්පාදකයින් වෙත චෝදනා එල්ල කර තිබෙන්නේ.

එමෙන්ම ගීතය ප්‍රවර්ධනය සඳහා භාවිතා කරන AI-ජනනය කරන ලද ඡායාරුප පිළිබඳව ද ඇය දැඩි අප්‍රසාදය පළ කිරීමට කටයුතු කර තිබෙනවා.

Latest News

error: Content is protected !!