බල්ලෙක් වෙන්න යෙන් මිලියන දෙකක් වැය කළ ජපන් තරුණයා

Toco නම් ජපන් ජාතිකයකු බල්ලකු බවට පත් වීම සඳහා ජපන් යෙන් මිලියන 2 ක මුදලක් (ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 46 ක් )වියදම් කර තිබේ.

බල්ලකු වීම ඔහුගේ ජීවිතයේ තිබූ එක් සිහිනයක් බව ටෝකෝ පවසා ඇත.

ටෝකෝ ගේ එම සිහිනය සැබෑ කරගැනීම සඳහා ජපානයේ රූපවාහිනී දැන්වීම් සහ චිත්‍රපට සඳහා ඇඳුම් නිර්මාණය කරනු ලබන Zeppet නම් ජපාන සමාගම විශාල වැඩ කොටසක් සිදු කර තිබේ. එම සමාගම දින 40 ක් තුළ ඔහු වෙනුවෙන් සැබෑ බලු ඇඳුමක් නිර්මාණය කර තිබේ.

ටෝකෝ I want to be an animal (මට සත්වයකු වීමට උවමනායි) නමින් යූ ටියුබ් නාලිකාවක් පවත්වා ගෙන යන අතර, ජර්මානු රූපවාහිනී නාලිකාවක් වන RTL විසින් සම්මුඛ සාකච්ඡාවකට භාජනය කරන ඔහු බල්ලෙකු වී අනෙක් බල්ලන් සහ මිනිසුන් ඉව කරමින්, මිතුරු වෙමින් උද්‍යානයේ හැසිරෙන මිනිත්තු පහක වීඩියෝවක් උඩුගත කර ඇත.

එම වීඩියෝව මේවනවිට මිලියනය 3.5ක් නරඹා ඇත.

Latest News

More like this

අගමැති මෝදිගෙන් ජනපතිට ඇමතුමක්

දිට්වා සුළි කුණාටු තත්ත්වය සමඟ ශ්‍රී ලංකාව මුහුණ දුන්...

විපතෙන් ගොඩ ඒමට චීනයත් ආධාර කරයි

දීට්වා සුළි කුණාටුවෙන් ඇති වූ විනාශකාරී ගංවතුර සහ නායයෑම්...

විපතට පත්වූවන් මුදාගනිමින් සිටියදී ජීවිතය පිදූ කීර්තිමත් නියමුවා පිළිබඳ ගුවන් හමුදාවෙන් නිවේදනයක්

වෙන්නප්පුව, ලුණුවිල ප්‍රදේශය අසල අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් විපතට...