ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ පවසන්නේ ඉන්ධන මිල ඉහළ දැමීම ලෝක වෙළඳපොළ හේතුවක් නොව, ආණ්ඩුව විසින් සිදුකරන “කළුකඩ සූදුවක්” බවයි.
රජය පරණ තෙල් තොග නව මිලට අලෙවි කර ලාභ ලබන බවද ඔහු චෝදනා කළේය.
එමෙන්ම බදු වැඩි කරමින් පොදු ප්‍රවාහනයට සහාය නොදීම ආර්ථිකයට දැඩි බලපෑමක් ඇතිකරන බවද ඔහු අවධාරණය කළේය.
බත්තරමුල්ලේ පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී (මාර්තු 22) ඔහු මේ බව ප්‍රකාශ කළේය.
