ඉන්දීය ඉතිහාසයේ තේරී පත් වූ රජයක ට දීර්ඝතම කාලයක් නායකත්වය දුන් අග්‍රාමාත්‍යවරයා බවට අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පත් වී තිබෙනවා.
ඒ හිටපු සිකිම් මහ ඇමති පවන් කුමාර් චැම්ලින් තබා තිබූ වාර්තාව ද අභිබවා යමිනි.
පවන් කුමාර් චැම්ලින් දින 8,930 ක් මහ ඇමති ධුරය දැරූ අතර නරේන්ද්‍ර මෝදි මේ වන විට රජයේ ප්‍රධානියා ලෙස රාජ්‍ය ධුරයේ දින 8,931 ක් සම්පූර්ණ කර තිබෙනවා.
මේ අනුව වසර 25 කට ආසන්න අඛණ්ඩ නායකත්වයක් පිළිබිඹු කරන නායකයකු ලෙස නරේන්ද්‍ර මෝදි අගමැතිවරයා ඉන්දීය දේශපාලනයේ දුර්ලභ සන්ධිස්ථානයකට සිය පියවර තබා ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා පවසන්නේ.
අගමැති මෝදි සිය දේශපාලන ජීවිතය තුළ විවිධ කීරිතිමත් තනතුරු කිහිපයක්ම දරා තිබෙනවා. ඔහු 2001 දී ගුජරාට් මහ ඇමති ධුරයට පත් වූ අතර 2014 දී අගමැති ධුරයට පත් වන තෙක් එම ධුරයේ රැඳී සිටියා. ඔහු ගුජරාටයේ දීර්ඝතම කාලයක් සේවය කළ මහ ඇමතිවරයා වන අතර මහ ඇමතිවරයෙකු ලෙස වැඩිම අත්දැකීම් ඇති අග්‍රාමාත්‍යවරයා ද වෙනවා.
ඉන්දියාවේ නිදහසින් පසු උපත ලැබූ පළමු අග්‍රාමාත්‍යවරයා ද ඔහුය.
