Dhurandhar: The Revenge චිත්‍රපටයේ රන්වීර් සිං (Ranveer Singh)ගේ අලුත්ම අවතාර පෙනුම (ghost look) මේ දිනවල සමාජ මාධ්‍යවල දැඩි අවධානයක් දිනාගෙන තිබෙනවා.
මෙම transformation එකට අදාළ behind-the-scenes (BTS) වීඩියෝවක් ප්‍රසිද්ධියට පත්වීම රසිකයින්ගේ අමානන්දයට හේතු වුණා.
එහිදී ඔහු “Ghost Born of Shadows” ලෙස දැක්වෙන විශේෂ චරිතයකට පරිවර්තනය වන ආකාරය පෙන්නුම් කරනවා.
විශේෂම දෙය වන්නේ රන්වීර්ගේ මෙම පෙනුම පරිගණක ග්‍රැෆික්ස් CGI (computer graphics) භාවිත කිරීමෙන් සිදු කරන ලද්දක් නොවීමයි.
මෙය සම්පූර්ණයෙන්ම makeup සහ prosthetics භාවිතයෙන් නිර්මාණය කරනු ලැබූ ප්‍රතිනිර්මාණයකි.
මෙම transformation එක සකස් කළේ ප්‍රසිද්ධ වේශ නිරූපණ ශිල්පියකු වන ප්‍රීතිශීල් සින්ග් (Preetisheel Singh) විසින් වන අතර, අදාළ transformation වීඩියෝව තුළ රන්වීර් දිගු කාලයක් නිශ්චලව ඉඳගෙන ස්ථරයෙන් ස්ථරයට වේශ නිරූපණය කරන ආකාරය දැක්වෙනවා.
තවද, වාර්තා අනුව මෙම චරිතය අඳුරු, මායාකාර ලෙස නිරූපණය වන අතර, ඇළු පැහැති හිසකෙස්, මුහුණේ ඉරියව් ගැඹුරු ලෙස නිරූපනය කිරීම සහ prosthetic effects භාවිතා කරමින් භයංකාර කර තිබෙනවා.
වීඩියෝවට ලැබුණු ප්‍රතිචාර කිහිපයක් මෙසේය.
“මේක CGI කියලා හිතුවා!”, “රන්වීර්ගේ කැපවීම ඇදහිය නොහැකියි , “බොලිවුඩ් මේකප් next level එකට ගිහින්!”
