අනුෂ්කා ෂර්මා පළමු වරට තෙළිඟු සිනමාවේ..

දැනට AA22xA6 නම් කර ඇති අල්ලු අර්ජුන් (Allu Arjun)ගේ නවතම තෙළිඟු චිත්‍රපටයේ ප්‍රධාන නිළිය ලෙස අනුෂ්කා ෂර්මා (Anushka Sharma) නම් කර ඇති බවට වාර්තා පළ වෙමින් පවතී.

මෙය නිල වශයෙන් තහවුරු කර නැති වුවද, එය සිදු වුවහොත් තෙළිඟු සිනමාවේ අනුෂ්කාගේ පළමු නිර්මාණය වන්නේ මෙයයි.

වාර්තා අනුව, මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ කොලිවුඩ් දැවැන්තයකු වන ඇට්ලී (Atlee) වන අතර මෙය විශාල පරිමාණ සිනමා ව්‍යාපෘතියක් ලෙස සැලකෙනවා.

චිත්‍රපටයේ නිල නාමය අල්ලු අර්ජුන්ගේ උපන්දිනය යෙදෙන 2026 අප්‍රේල් 8 හෙළි කිරීමට නියමිතය.

ඒ සඳහා විශේෂ VFX සහිත නිවේදන වීඩියෝවක් නිකුත් කිරීමට ද සැලසුම් කර ඇති බවයි සඳහන් වන්නේ.තිර කතාව සමාන්තර විශ්වයක් කරා විහිද යන්නක් බවටද ඉඟි පළ වී තිබෙනවා.

වාර්තා පළ වන ආකාරයට දීපිකා පදුකෝන් ද එහි චරිතයක් නිරූපනය කරන බව සඳහන් වුවත් ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු වාර්තා වී නැහැ.

Latest News

error: Content is protected !!