මෑතක ඉඳන් රයිනි චාරුකා හා දර්ශන් තවරාජා එකටම දකින්න ලැබෙන කපල් එකක්.
රයිනිගේ මියුසික් වීඩියෝවල දර්ශන් නොවැරදීම හිටියා. මේ නිසා බොහෝ දෙනෙක් උපකල්පනය කළා රයිනි හා දර්ශන් අතර සම්බන්ධතාවයක් තියෙන බව.
ඒත් ඔවුන් නිල වශයෙන් එය තහවුරු කර තිබුණේ නැහැ. කොහොම වුණත් රයිනි හා දර්ශන් එකට මුල්ම වතාවට යූ ටියුබ් වැඩසටහනකට සහභාගී වෙලා තියෙනවා.
Kalum Wijesooriya Youtube නාලිකාවට එක් වූ ඔවුන්ගේ රසිකයින්,
‘ඔය දෙන්නා’ කපල් එකක් නේද?
ඔයාලා මැරි කරන්නේ කවදද?
ඔය දෙන්න එක වහලක් යටට වෙන්නෙ කවදද රයිනි…..?
යනුවෙන් ප්‍රශ්න ඇසූ අතර රයිනි හෝ දර්ශන් එයට කෙළින් පිළිතුරක් ලබා දුන්නේ නැහැ.
එහෙම දෙයක් වුණොත් අනිවාර්යයෙන් මේ චැනල් එකෙන් කියන්නම් කියා ලිස්සලා ගියත් දෙන්නට දෙන්නගේ තිබ්බ ආදරේ නම් මේ වීඩියෝව පුරාම හංගන්න බැරි වුණා.. ♥️
