ජපානයේ තරුණ කාන්තාවන් අතර මාතෘත්වය ප්‍රතික්ෂේප කිරීමේ ප්‍රවණතාවය වැඩිවෙමින් පවතින බව නව සමීක්ෂණ දත්ත වාර්තාවක් පෙන්වා දී තිබෙනවා.
2025 වසරේ දී සිදු කළ මෙම සමීක්ෂණයට අනුව වයස 18-29 අතර විවාහ නොවූ කාන්තාවන්ගෙන් 64.7%ක් දරුවන් බිහි නොකර සිටීමට කැමැත්ත පළ කර ඇතැයි සඳහන්ය.
2018 වසරේ මෙම සමීක්ෂණය ආරම්භ වූදා සිට ඉහළම අගය මෙය වන අතර දරුවන් බිහි කිරීමට වන අකමැත්ත පළ කරන පිරිමින්ට සාපේක්ෂව කාන්තාවන්ගේ වැඩිවීමක් පෙන්නුම් කරන පළමු අවස්ථාව ලෙස සැලකෙනවා.
සමීක්ෂණයට අනුව, දරුවන් බිහි නොකිරීමට ප්‍රධාන හේතු ලෙස සඳහන් වූයේ දරුවන් පෝෂණයේ ඉහළ වියදම හා වෘත්තීය ජීවිතයට ඇති බලපෑමයි.
බොහෝ කාන්තාවන් රැකියාව සහ පවුල් ජීවිතය සමබර කරගැනීම අතිශය දුෂ්කර බව පෙන්වා දී තිබෙනවා.
