ජනපති අනුර අගමැතිනිය හරිනි ඇතුළු ප්‍රභූන් ආරක්ෂා කරන ඉහළම බලකාය අපියි.. STF

දිවයිනේ ඕනෑම හදිසි අවස්ථාවකට සූදානමින් සංවිධානාත්මක අපරාධ මැඩලීමේ කාර්යභාරය ප්‍රමුඛව නීතිය හා සාමය සුරුකීම වෙනුවෙන් සුවිශේෂී දායකත්වයක් දක්වන ශ්‍රී ලංකා පොලිස් විශේෂ කාර්ය බලකාය වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක, අගමැතිනි හරිනි අමරසූරිය මෙන්ම විදේශ තානාපතිවරු ඇතුළු ප්‍රභූ ආරක්ෂාවේ ඉහළම ආයතනය ලෙස එය රටට විශාල ලෙස කාර්ය භාරයක් සිදු කරනු ලබන බව එම බලකායේ නියෝජ්‍ය අණදෙන නිලධාරි (පාලන) නියෝජ්‍ය පොලිස්පති රෝහිත ගුණවර්ධන මහතා පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ පොලිස් රණවිරු 162 වැනි සංවත්සරය සැමරුම වෙනුවෙන් පැවති මාධ්‍ය හමුවක් අතරතුරදීය.

1983 මාර්තු මස 1වැනිදින ආරම්භ කරන ලද මෙම බලකාය මේ වන විට වසර 43ක අභිමානවත් ඉතිහාසයකට හිමිකම් කියනු ලබයි.

මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන හා සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ මෙහෙයුම් යටතේ විෂ මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීමවලදී ප්‍රමුඛ කාර්ය භාරයක් සිදු කරනු ලබන බව ඔහු මෙහිදී සඳහන් කර සිටියා.

ශ්‍රී ලංකා පොලිසිය හා විශේෂ බුද්ධි අංශ මඟින් ලබා දෙන තොරතුරු මත හා විශේෂ කාර්ය බලකාය මඟින් ලබාගන්නා බුද්ධි තොරතුරු මත වැටලීම් සිදු කරනු ලබන බවත් ඉදිරියේ දී රටෙන් මත්ද්‍රව්‍ය මුලිනුපුටා දැමීමට විශේෂ කාර්ය බල්කාය මූලිකත්වය ගෙන කටයුතු කරන බව ඔහු සඳහන් කරනු ලැබුවා.

“විශේෂ කාර්ය බලකායට විශේෂිත වූ පුහුණුවක් තියෙනවා. ත්‍රස්තවාදී සංවිධාන සමඟ සටන් කරනවා හා සමානව සංවිධානාත්මක අපරාධ කල්ලි සමඟ සටන් කරමින් එම අපරාධ මැඬලීම කෙරෙහි විශේෂ පුහුණුවක් ලබලා තියෙනවා. එහිදී අපි ශ්‍රී ලංකා පොලිසියට විශාල සහයෝගයක් ලබා දෙනවා. පහුගිය කාල සීමාවේ සිදු කළ අත් අඩංගුවට ගැනීම්වලදීත් විශේෂ කාර්ය බලකායේ පූර්ණ දායකත්වයක් ලබා දීලා තියෙනවා.

ප්‍රභූ ආරක්ෂාව ගත්තොත් ශ්‍රී ලංකාවේ අංක එකේ ඉන්නෙත් විශේෂ කාර්ය බලකාය. ඒකට හොඳම උදාහරණය තමයි වර්ත්මනායේ ගරු ජනාධිපතිවරයාගේ ගරු අගමැතිනිය ඇතුළු විදෙස් තානාපතිවරුන් ඇතුළු ඊහළ ප්‍රබූ ආරක්ෂාව විශේෂ කාර්ය බලකායෙන් සපයනව.”

Latest News

error: Content is protected !!