බලශක්ති අසමතුලිතතාවය වාර්තාගත ඉහළ මට්ටමකට ළඟා වෙමින් පවතින අතර ගෝලීය දේශගුණය ‘හදිසි තත්වයක’ පවතින බව ලෝක කාලගුණ විද්‍යා සංවිධානයේ (World Meteorological Organization) (WMO) වාර්තාවක් පෙන්වා දීමෙන් අනතුරුව එක්සත් ජාතීන්ගේ සංවිධානය ගෝලීය දේශගුණික හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
2025 ගෝලීය දේශගුණික වාර්තාවේ සෑම ප්‍රධාන දේශගුණික දර්ශකයක්ම අනතුරු ඇඟවීම් මතු කරන බවයි එම නිවේදනයේ සඳහන් වන්නේ.
එම දත්ත වාර්තා අනුව 2015 සිට 2025 දක්වා ලෝකයේ උණුසුම්ම වසර 11 වාර්තා වී ඇති බව සඳහන්ය.
2025 වාර්තාගත දෙවන හෝ තුන්වන උණුසුම්ම වසර බවත් එය 1850-1900 සාමාන්‍යයට වඩා 1.43 °C පමණ ඉහළ අගයක් ගත් බවත් එහි සඳහන් වෙනවා.
මේ අනුව එක්සත් ජාතීන්ගේ මහ ලේකම් අන්තෝනියෝ ගුටරෙස් නිවේදනයක් නිකුත් කරමින් ගෝලීය දේශගුණික තත්ත්වය හදිසි තත්වයක පවතින බවයි ප්‍රකාශ කර සිටියේ.
“පෘථිවිය එහි සීමාවන් ඉක්මවා තල්ලු වෙමින් පවතී. සෑම ප්‍රධාන දේශගුණික දර්ශකයක්ම රතු පැහැයෙන් දැල්වෙමින් පවතිනවා.”
2025 වාර්තාවට පළමු වරට “පෘථිවියේ Energy Imbalance (ශක්ති අසමතුලිතතාව)” යන දර්ශකයද ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ.
